දේශීය පුවත්

ඇමැති සජිත් ප්‍රේමදාසට එජාපයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබානොදෙන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ රාජාලියා ලකුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා සැලසුම් කොට ඇති බව වාර්තා වේ.

එවක එ.ජා.ප. නායකයාව සිටි හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට පියවර ගැනීම පිළිබඳව එජාපයෙන් නෙරපා දැමූ ලලිත් ඇතුලත් මුදලි හා ගාමිණි දිසානායක යන අය විසින් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ එජාපයට එරෙහිව දේශපාලන පක්ෂයක් ලෙස එවකට ලියාපදිංචි කරන ලදී.

එම පෙරමුණේ වත්මන් නායක ආරියවංශ දිසානායක සමග ඇමැති සජිත් ප්‍රේමදාසට හිතවත් එජාප ප්රබලයන් කිහිපදෙනකුම සාකච්ඡාවට ගණනාවක්ම සිදුකොට ඇති බවද වාර්තා වේ.

රාජ්‍ය ඇමැති දිලීප් වෙදආරච්චි ප්‍රකාශ කළේ ඇමැති සජිත් ප්‍රේමදාසට එ.ජා.ප. ජනාධිපතිධුර අපේක්ෂකත්වය ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ලියාපදිංචි වෙනත් දේශපාලන පක්ෂයකින් ඔහුට ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා මේ වන විට සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More