දේශීය පුවත්

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධූරයට පත් නොකෙරෙන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ඇමරිකානු තානාපති කාර්යාලය රජයට බලපෑම් එල්ල කර ඇත. වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකට ලබාදී තිබූ සේවා දිගුව අවසන්ව ඊයේ (18 වැනිදා) විශ්‍රාම යාමට නියමිත වුවත්, ජනාධිපතිවරයා ලෙස මෙතෙක් නව යුද හමුදාපතිවරයෙක් පත්කර නොතිබුණි.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට යුද අපරාධ චෝදනා එල්ල වී ඇති බැවින් එවැනි චෝදනා එල්ල වූ හමුදා නිලධාරියකු යුද හමුදාපති ධූරයට පත් නොකරන ලෙසට ඇමරිකානු තානාපති කාර්යාලය දැනුම් දී ඇත. එම නිසා ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධූරයට පත් කළහොත් ශ්‍රී ලංකා යුද හමුදාව සමඟ ඇමරිකානු යුද හමුදාව ඒකාබද්ද සිදුකරන යුද අභ්‍යාස නතර කිරීමට සිදුවන බවද දැනුම් දී තිබේ. සාම මාධක රාජකාරිය සඳහා යුද හමුදා සෙබළුන් යොමු කිරීමද නතර කිරිමට සිදුවන බව ඇමරිකාව පෙන්වාදී ඇත. මෙවැනි බලපෑම් හේතුවෙන් යුද හමුදාපතිවරයා පත් කිරීම කල්ගත වි තිබේ.

යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්දු සිල්වාටද දෙසැම්බර් දක්වා සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා පසුගිය දා කටයුතු කළේය.

මේජර් ජෙනරාල් ශවේන්දු සිල්වා, ස්වෙච්ඡා බලසේනාවේ ප්‍රධානී මේජර් ජෙනරාල් සතයප්‍රිය ලියනගේ සහ යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා යන අයගෙන් කෙනෙකු නව යුද හමුදාපතිවරයා ලෙස පත්කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ජනාධිපතිවරයාට නිර්දේශ කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More