පුරවැසි කොලම

මීළ`ග ජනාධිපතිවරණයේ උණුසුම දැන් රටපුරා පැතිර යමින් ඇත. ගෙවී ගිය පස් වසරකට ආසන්න කාලය තුළ පැවති යහපාලනයේ සහ වත්මන් පාලනයේ අනුහසින් ඉතාම සශී‍්‍රක වූද, සුපිරියට සංවර්ධනය වූ ඉන්ද්‍රජාලික තත්ත්වයක ඇති ශී‍්‍ර ලංකාවේ ජීවත්වන සමස්ත වැසියෝ දැන් ඒ මැතිවරණය ප‍්‍රකාශයට පත් කරන තෙක් ඇ`ගිලි ගනිමින් සිටිති.

එසේම සුපුරුදු ලෙස ලසන්ත වික‍්‍රමතුංග, ප‍්‍රගීත් එක්නැලිගොඩ, නඩරාජා රවිරාජ් සහ වසීම් තාජුඞීන් වැනි මළගිය ඇත්තන් යළි උත්තානය කරවීම සහ උපාලි තෙන්නකෝන්, කීත් නොයාර්, නාමල් පෙරේරා ආදීන්ට රාජපක්‍ෂ රජය සමයේදී එල්ලවූයේ යැයි කියන ප‍්‍රහාරයන්හිදී සිදුවූ තුවාලවල කැළැල් මැකීමද ආරම්භ කර ඇත.

මේ අතරේ දිගින් දිගටම ඇදී යමින් තිබෙන මේ සිදුවීම් පිළිබ`ද විමර්ශන වහා අවසන් කර උදෘත නීතිපති දෙපාර්තමේන්තුව වෙත එවන ලෙස ඉකුත් බ‍්‍රහස්පතින්දා නීතිපති දප්පුල ලිවේරා මහතා විසින් දෙවන වරටත් වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතා වෙත දැනුම් දීමක් කරනු ලැබිණි.

නීතිපතිවරයාගේ එකී දැනුම්දීම ඉතාම නිවැරදි වූ එකකි. මේ දැනුම් දීම නොකළේ නම් යළි අපදින ලසන්ත වික‍්‍රමතුංග මහතා නැවත සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘ පදවියට එනතුරු සහ මියගිය නඩරාජා රවිරාජ් මහතා මීළ`ග ආත්ම භවයේ මෙරට පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරයකු ලෙස දිවුරුම් දෙනතුරුත් ආදී ලෙසින් අපේ සීඅයිඞීයේ මහත්වරු මේ විමර්ශන රගෙන යන්නටද ඉඩ තිබිණි.

මෙහිදී නීතිපතිවරයා කරනු ලැබුවේ තමන්ගේ නෛතික බලය තුළ සිට කටයුතු කිරීමය. සිය වගකීම ඉටු කිරීමය. සියල්ල එසේ පෙළ ගැසෙද්දී තවත් චරිතයක් ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවක් කැ`දවා ඉකුත් සතියේ හිටි හැටියේම ලසන්ත වික‍්‍රමතුංග, තාජුඞීන්, එක්නැලිගොඩ ආදීන් පිළිබ`ද නින්දෙන් අහැරුණාක් මෙන් කතා කරනු අපි දුටුවෙමු.

හේ අන් කවරෙකුවත් නොව ජනාධිපතිවරයා විසින් 2019 ජනවාරි මාසයේදී බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමෙන් පසු එම ධුරයේ කටයුතු කරමින් සිටියදී ඉකුත් පාස්කු ඉරිදා තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදී නායක සහරාන් හෂීම්ගේ මරාගෙන මැරෙන ප‍්‍රහාරයත් සම`ග එල්ල වූ විවිධ චෝදනා හමුවේ ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වූ අසාද් සාලිය.

එසේ ඉල්ලා අස්වීමෙන් පසුව මෙරට දේශපාලනය තුළ හුදකලා සාලි කෙනකු බවට පත්ව සිටින අසාද් සාලි එකී මාධ්‍ය හමුව පවත්වද්දී වාඩි වී සිටියේ පටුවකද නැතිනම් තමන්ගේ මෂ්තිශ්කය මතදැයි ඔහුගේ රංගනය දකිද්දී අපට ඇතිවූයේ ගැටලූවකි.

sali2මේ මොහොතේ මෙරට නෛතික රාමුව තුළ විමර්ශනය වෙමින් තිබෙන ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ සිද්ධිය, තාජුඞීන් ඝාතනය ආදී සිදුවීම් කිහිපයක් පිළිබ`ද එකී මාධ්‍ය හමුවේදී අසාද් සාලි ඉතා හැ`ගීම්බර ලෙස ස`දහනක් කළේය.

එසේ පැවසූ අසාද් සාලි හෙවත් නූතන දේශපාලනයේ හුදෙකලා සාලි ඉහත ඝාතන නොකළේ යැයි ප‍්‍රසිද්ධියේ පැමිණ රට ඉදිරියේ ප‍්‍රකාශ කරන්නැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු රජපක්‍ෂ පවුලට අභියෝග කිරීම අපේ ඉහත ගැටලූවට හේතු විය.

ඔහු ඒ ටික කීවේ වීරයකු සේය. දේශපාලන වශයෙන් හුදකෙලා වූ කල එසේ වීරත්වයක් ආරෝපණය කර ගනිමින් කිසියම් ප‍්‍රකාශයක් කර සිය දේශපාලන ජනපි‍්‍රයත්වය රැක ගැනීමට වෙහෙසීම අසාද් සාලිගේ සිල්ලර දේශපාලනයේ ගතිය බව ඔහුගේ ඉතා කෙටි දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී මැනවින් පැහැදිලි වන්නකි.

මෙවර ජනාධපිතිවරණය ස`දහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා නම්කර තිබියදී ආසාද් සාලි ඉකුත් 2015 දී යහපාලනය තිරගත කළ පරණ තැටිය අලූත් කරන්නට වෙහෙසෙමින් මෙවන් ප‍්‍රකාශයක් කරනු ලැබුවේ කුමක් නිසාද?

ඒ තුළ එක් පැත්තකින් ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂ කෙරෙහි වූ දේශපාලන වෛරය ය. අනෙක් අතට තිබෙන්නේ මෙරට මුස්ලිම් ප‍්‍රජාව ගොනාට ඇන්දවීමේ ඔහුට ආවේනික ජානගත දේශපාලන කලාවය.

දේශපාලන වශයෙන් මෝඩ වීරයකු වී සිය ජනපි‍්‍රයත්වය රැකගන්නට වෙහෙසෙන අසාද් සාලි කළ කී දෑ අතරින් ඉකුත් 2013 වසරේ අපේ‍්‍රල් 16 වැනිදා ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ පැවති එල්ටීටීඊ හිතවාදී උද්ගෝෂණයකට සහභාගි වූ අසාද් සාලි එහිදී ඉන්දීය ස`ගරාවකට කළ ප‍්‍රකාශයකින් පසුව ඇතිවූ තත්ත්වය මෙසේ ඔහු තුළ වන ගෝඨාභය වෛරයට හේතුව ලෙස පෙන්වා දිය හැකිය.

සිය දේශපාලනයට අනුව මෙරට මුස්ලිම් ජන සමාජය අතරේ වීරයකු වන්නට කල්පනා කළ අසාද් සාලි ඉකුත් 2013 වසරේදී කොටි හිතවාදී උද්ඝෝෂණයකට එක්වීම ස`දහා ඉන්දියාවේ තමිල්නාඩුවට ගියේය. මේ ගමනේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ සොහොයුරකුද අසාද් සාලිට එක්ව තිබිණි.

එසේ ගිය අසාද් සාලි කොටි හිතවාදී උද්ඝෝෂණයට සහභාගි වී පසුව තමිල්නාඩුවේ ජූනියර් විගඩන් නැමති ස`ගරාව සම`ග සම්මුඛ සාකකච්ඡුාවකට හභාගි වෙමින් ශී‍්‍ර ලංකාවේ දේශපාලනය පළිබ`ද අදහස් දක්වන අතරේ මෙරට මුස්ලිම් ප‍්‍රජාව අවි අතට ගැනීමට සූදානමින් සිටින බවට බරපතළ ප‍්‍රකාශයක් කරනු ලැබීය.

sali3ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් දේශපාලනඥයකු එවන් ප‍්‍රකාශයක් කළ ප‍්‍රථම අවස්ථාව එය විය. ඇතැම්විට ඔහු ඒ ප‍්‍රකාශය කරනු ලැබුවේ ‘ජමියතුල් උලමා’ නම් මෙරට ප‍්‍රධාන ඉස්ලාම් ආගමික සංවිධානය හරහා වහබ් වාදය දෙසට ඇදී යමින් සිටි ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව තුළින් සහරාන් හෂීම්ලා නිර්මාණය වෙමින් සිටින බව දැන සිටි නිසා විය හැකිය.

ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව අතරට හලාල් සංස්කෘතිය, මද්රසා පාසල්, ෂරියා නීතිය ආදී වශයෙන් වූ වහබ් වාදයේ විෂ ඇතුළු වෙමින් තිබෙනුයේ ජමියතුල් උලමා සංවිධානය හරහා බව අසාද් සාලිලාගේ මජර දේශපාලනය නොදැන සිටියා විය නොහැකිය.

එදා අසාද් සාලි සිදුකළ මේ බරපතළ ප‍්‍රකාශය මාධ්‍ය මගින් අනාවරණය කිරීමත් සම`ග යළි ඔහු ශී‍්‍ර ලංකාවට පැමිණීමේදී ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට ගැනීමට එවකට පැවති රාජපක්‍ෂ රජය කටයුතු කළේය.

එහිදී අසාද් සාලි අත්අඩංගුවට ගනු ලැබුවේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විය. ඒ අනුව ඔහුට ගැලවීමක් නොවිණි. මෙසේ ඉස්ලාම් ත‍්‍රස්තවාදයක් පිළිබ`ද කතා කිරීම හමුවේ බන්ධනාගාරගත කෙරුණු අසාද් සාලි නිදහස උදෙසා උපවාස කළේය.

එහෙත් එදා මේ රටේ ආරක්‍ෂක ලේකම්වරයාව සිටියේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාය. එනිසා උපවාස නොව, බෙල්ලේ වැළ දාගත්තද එල්ටීටීඊ ත‍්‍රස්තවාදය අවසන් කර තිබියදී මුස්ලිම් ත‍්‍රස්තවාදයක් පිළිබ`ද කතා කළ අසාද් සාලිට එරෙහිව චෝදනා ගොනු කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔහුට කිසිදු සහනයක් අත් නොවීය.

අවසනායේ ත‍්‍රස්තවාදී චෝදනාවෙන් ගැලවීම ස`දහා ඔහු කළේ කුමක්ද? කෙසේ හෝ මාර්ගයකින් ජූනියර් විගඩන් නමැති ඉන්දීය ස`ගරාවේ පළ වූයේ තමන් කළ ප‍්‍රකාශයේ විකෘතියක් බව ඒ ස`ගරාව ලවාම නිවැරදි කිරීමක් පළකරවා ගැනීමට අසාද් සාලි සමත් විය.

එසේ කළ ඔහු අනතුරුව ඒ සම්බන්ධයෙන් දිව්රුම් ප‍්‍රකාශයක් ඉදිරිපත් කරමින් ඉන්දීය ස`ගරාවේ පළවූ සම්මුඛ සාකච්ඡුාව හේතුවෙන් ජාතික සම`ගියට යම් බාධාවක් වූයේ නම් කනගාටුව පළ කරන බවට සපථ කර තමන්ට එල්ල වූ චෝදනාවෙන් ගැලවී ගියේය. අසාද් සාලි ගෝඨාභය සම`ග උරණ වන්නේ මේ සිදුවීම මුල්කර ගනිමිනි.

මේ අන්දමට නිදහස් වන විට අසාද් සාලි සිටියේ මෙරට මුස්ලිම් ප‍්‍රජාව අතර වීරයකු බවට පත්වය. ඒ අනුව එවර පැවති මධ්‍යම පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී ඡුන්ද 58000 ක් ලබා පළාත් සභාවට තේරී පත්වන්නට ඔහුට හැකිවිය.

අසාද් සාලි හෙවත් වත්මන් හුදෙකලා සාලි විසින් සිය මජර දේශපාලනය හමුවේ වීරත්වය ආරෝපණය කරගැනීම ස`දහා කළ හො`දම කුමන්ත‍්‍රණය වන්නේ මෙරට මුස්ලිම් ප‍්‍රජාව වහබ් වාදය දෙසට තල්ලූ කළ ජමියතුල් උලමා සංවිධානයට එරෙහිව බොදුබල සේනා සංවිධානයට තොරතුරු ලබා දෙමින් ගෙන ගිය වැඩපිළිවෙළය.

ඉකුත් 2015 වසර වන විට මෙරට මුස්ලිම් ප‍්‍රජාවේ අන්තවාදී හැසිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානට තොරතුරු ලබා දුන් හො`දම ඔත්තුකරුවන් අතර අසාද් සාලි යනු අංක එකේ සිටියෙකි.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එයට සාක්‍ෂි දරනු ඇත. එසේ තොරතුරු ලබා දුන් අසාද් සාලි එදා ජාති වාදයෙන් තොර ජාතිකවාදී ගමනක යෙදුණු බොදුබල සේනා සංවිධානය බේරුවල ගැටුම දක්වාම තල්ලූ කළේය.

අවසානයේ ඔහු කළේ එතෙක් තමන් විසින්ම පාවා දුන් ජමියතුල් උලමා සංවිධානය ඇතුළු මෙරට අන්තවාදී මුස්ලිම් කි‍්‍රයාදාමයේ පැත්ත ගෙන බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අවි අමෝරන්නට වීමය.

එහිදීත් අසාද් සාලි යළි වීරයා විය. බොදුබල සේනා සංවිධානයේ ඔත්තුකරුවා වූයේ ඔහු බව මෙරට මුස්ලිම් ප‍්‍රජාව දැන නොසිටියේය. ඉකුත් 2015 වසරේ ජනවාරි 8 වැනිදා සිදුවූ රාජපක්‍ෂ රජයේ කඩාවැටීමටද අසාද් සාලිගේ මේ වැඩපිළිවෙළ ප‍්‍රබල හේතුවක් විය.

මේ අන්දමට ඉකුත් 2015 ජනවාරියේ සිදුවූ දේදුණු විප්ලවයේ කොටස්කරුවකු බවටද පත්වූ අසාද් සාලි 2018 වසරේදී පොදුජන පෙරමුණේ නගරාධිපති අපේක්‍ෂකයා ලෙස කොළඹ නගර සභාවට තර`ග වැදී කොළඹ නගර සභාව එක්සත් ජාතික පක්‍ෂය විසින් ජයගැනීමෙන් පසු ඉකුත් 2019 වසරේ ජනවාරි 3 වැනිදා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට පත්විය.

සහරාන් හෂීම්ගේ පාස්කු ප‍්‍රහාරයත් සම`ග එල්ල වූ චෝදනා හමුවේ බස්නාහිර ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වූයේ මේ අසාද් සාලිය.

අප අද ඔහුට හුදෙකලා සාලි යැයි කියනුයේ ඇයි? බස්නාහිර ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වූ පසු බලය අහිමි වීමෙන් අද අසාද් සාලි සිටින්නේ යළි වීරත්වය ආරෝපණය කරගෙන මෙරට මුස්ලිම් ප‍්‍රජාව ඇන්දවීමේ ඊළ`ග සටනට අවතීර්ණ වෙමින් නිසාය.

එහිදී ඔහු අද සැබෑවටම හුදෙකලා වී ඇත. පිහිටට සිටින්නේ මෙරට ඉස්ලාම් වහබ් වාදයේ උල්පත වන ජමියතුල් උලමා සංවිධානයේ රිස්වි ලෙබ්බේ නමැත්තාය.

අසාද් සාලිලා වහබ් වාදය පිටු දැක්කේ නම් සහ ඉස්ලාම් අන්තවාදය ප‍්‍රතික්‍ෂේප කළේ නම් මෙන්ම සහරාන් හෂීම් පිළිබ`ද නොදැන සිටියේ නම් අද රිස්වි ලෙබ්බේ අසාද් සාලි සම`ග සිටින්නේ කෙසේද?

මේ මොහොතේ අසාද් සාලි වාදනය කරමින් සිටින්නේ ලසන්ත වික‍්‍රමතුංග ආදී ලෙසින් වූ පරණ තැටිය බව සැබෑවකි. එහෙත් සාමයට ලැදි මෙරට මුස්ලිම් ප‍්‍රජාව මෙන්ම අසාද් සාලිලාගේ දෙකයි පනහේ දේශපාලනයෙන් යැපෙන්නට සැරසෙන දකුණේ දේශපාලනඥයන් මේ මොහොතේ කල්පනා කර බැලිය යුත්තේ සාලි – රිස්වි මීළ`ග ඉලක්කය කුමක්ද කියාය.

කාට වැදගත් නොවුණද එය මේ රටට සහ රටේ ආරක්‍ෂාවට ඉතාම වැදගත් වනු ඇත.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More