දේශීය පුවත්

තීරණාත්මක කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) සවස 4ට අරලියගහ මන්දිරයේ දී රැස්වීමට නියමිතය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීම හා කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එකවර කඩිනමින් රැස් කිරීම ඇතුළු කරුණු ගණනාවක්ම මෙහිදී ඉල්ලා සිටින්නට ද සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශව තීරණය කර ඇත.

මෙම රැස්වීම කැඳවන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස් දෙදෙනෙකු අත්සන් කරන ලද ලිපියක් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතාට භාරදී ඇති අතර ඊට අගමැතිවරයාගේ ප්‍රතිචාරය කුමක්ද කියා අද රැස්වීමේදී ප්‍රශ්න කිරීමට සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ කීපදෙනෙකු සූදානමින් සිටින බවද වාර්තා වේ.

ජනාධිපති අපේක්ෂක නම් කර ඉන්පසුව යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සන්ධානය බිහි කරන ලෙස මෙම පිරිස ඉල්ලා සිටීමට ද තීරණය කර ඇත. කෙසේ නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන්ද අද මීට ප්‍රතිචාර දැක්වීමට සූදානම් ව සිටින බවක් ද වාර්තා වේ. ඒ අනුව යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සන්ධාන ගතවීම සහ ජනාධිපති අපේක්ෂකයා තේරීම එක් අවස්ථාවකදී සිදු නොකර මුලින්ම සන්ධානය පිහිටුවන ලෙසද ඔවුන් යෝජනා කිරීමට සූදානම් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More