දේශීය පුවත්

එජාපයේ ගල උඩ සටන ඇවිළෙයි

August 19, 2019 7:20 am | Lanka Lead News

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේ සීතල යුද්ධය පෙරේදා (17දා) වනවිට ගල උඩ සටනක් බවට පක්ෂය තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී ඇති අතර ඊට අදාළව සිකුරාදා සහ සෙනසුරාදා පැවති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

සිකුරාදා සවස අරලියගහ මන්දිරයේදී පැවති එජාප ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ප්‍රමාද වී පැමිණි එජප උපනායක අමාත්‍ය රවී කරුණනායක මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන්ම තෝරා ගන්නා අපේක්ෂකයන්ට මේ රටේ ජනතාවගේ ඕනෑ එපාකම් වටහා ගැනීමට හැකියාවක් නොමැති බවත්, පක්ෂ විසින් තෝරාගත යුතු වන්නේ ජනතා අපේක්ෂාවන් හඳුනාගෙන ඒ අනුව නිවැරදි දැක්මක් අනුව රට ඉදිරියට ගෙනයා හැකි පුද්ගලයෙකුට බවත් සඳහන් කර තිබේ.

මෙහිදි කරණු දක්වා ඇති එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බැඳුම්කර වංචා ඇතුළු විවිධ චෝදනා ඇතුළු විවිධ චෝදනා එල්ලවී ඇති පුද්ගලයින්ට මේ රටේ ජනතාවගේ අනාගතය පිළිබඳව නිගමනයන්ට එළඹීමට හැකියාවක් නොමැතිි බව සඳහන් කර තිබේ. සජිත්,රවී අතර මෙහීදි උණුසුම් වචන හුවමාරු වී ඇතත් මේ අවස්ථාවේ අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා නිහඬ පිළිවෙතක් අනුගමනය කර අතැයි ද අනාවරණය වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More