දේශීය පුවත්

පාස්කු දින ප්‍රහාරය පිළිබඳ සොයා බලන විශේෂ කාරක සභාව මග හැරියහොත් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත.

මේ බව තහවුරු කරමින් පසුගිය දා කාරක සභා සාමාජික ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේ ජනාධිපතිවරයාට නීතිය හමුවේ මුක්තිය ඇති නිසා මෙම නීතිමය පියවර ගත හැක්කේ එළඹෙන ජනාධිපතිවරණයෙන් පසුව බවය.

දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වූ පසු මුක්තිය අහිමි වේ. මෙවර ජනාධිපතිවරණයෙන් පසු අලුත් ජනාධිපතිවරයෙක් පත් වුවත් පාර්ලිමේන්තුව තවත් මාස කිහිපයක් ඉදිරියට යන බැවින් එම කාලය තුළ වරප්‍රසාද කමිටුව හමුවට මෛත්‍රීපාල සිරිසේන කැඳවන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

පාස්කු දින ප්‍රහාරය පිළිබඳව කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දැනුම් දී ඇති අතර ඒ සඳහා මෙම 20 දා සිට 23 දා දක්වා කැමැති දිනයක් සහ වේලාවක් තෝරා ගත හැකි බව දැනුම් දී තිබෙන බව ද හෙතෙම කීවේය.

අපි මේ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රවීණයකු වන නීතිඥ ක්‍රිස්ටල් වර්ණසූරිය ගෙන් විමසීමක් කළෙමු.

හෙතෙම සඳහන් කළේ කාරක සභාවක් හමුවට පැමිණෙන ලෙසට විධායකයට නියෝග කිරීම ව්‍යවස්ථාදායකයට හැකියාවක් නැති බවයි. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන තුන එකකට එකක් අබිබවා නොයන බැවින් විධායකය කැඳවීමට පාර්ලිමේන්තුවට නොහැකි බව හෙතෙම කීවේය.

අවශ්‍ය නම් ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාට ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කර ඊට පිළිතුරු ලබා ගැනීමේ අවස්ථා කාරක සභාවට ඇතැයි නීතිඥවරයා පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More