ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සමග ආරම්භ කර ඇති සාකච්ඡා සඳහා සහභාගි වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම තවත් වැඩි කිරීමට තීරණය කර තිබේ.
මෙම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මේ වන විට සහභාගි වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සමග රෝහණ ලක්ෂ්මන් පියදාස යන අයයි.
මෙම තිදෙනා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු තවත් මන්ත්‍රීවරුන් දෙදෙනකු ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. මෙම සාකච්ඡා කඩිනමින් අවසන් කිරීමටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමග ලබන සතියේදී සාකච්ඡා කිරීමටද මෙම කණ්ඩායම සූදානම් වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සම්මේලනය සැප්තැම්බර් 03 වැනිදා පැවැත්වෙන අතර එම සම්මේලනයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂටද ආරාධනා කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...