දේශීය පුවත්

ක‍්‍රියාවෙන් තම හැකියාව ප‍්‍රදර්ශනය කර, ජනාතවගේ ප‍්‍රසාදය දිනාගත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට නායකත්වයට සුදුසු බව කෝට්ටේ ශී‍්‍ර කල්‍යානි සාමගි‍්‍ර ධර්ම මහා සංඝසභාවේ මහානායක, ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුළපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමියො ප්‍රකාශ කළහ.

ජනපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18දා) උන්වහන්සේ බැහැදැක ආශීර්වාදය ලබාගැනීමෙන් අනතුරුව අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.

දේශපාලන නායකයෙකුට එහා ගිය ජාතික නායකයෙකුගේ මට්ටමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක තෝරා ගැනීම බුද්ධිමත් තින්දුවක් බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

“ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සේවාව ඇගයිය යුතුයි. ආරක්ෂක ලේකම්වරයා වශයෙන් පත්වූ අවස්ථාවේ සරත් ෆොන්සේකා මහතාගේ හමුදාපතීත්වයත් සමග කිසිදා ජයගත නොහැකි යැයි අපේ ඇතැමුන් කියූ උතුරේ ත‍්‍රස්තවාදය අවසන් කර රටේ සාමය ඇති කළා. ඒ යුග මෙහෙවරින් පසුව කොළඹ නගරය හා තදාසන්න ප‍්‍රදේශ සංවර්ධනය කිරීමට දායකත්ව සැපයුවා.

අද බොහෝ දේශපාලනඥයින් අනුන්ට මඩ ගසමින් රටත් ජනතාවත් අනතුරේ දමමින් දිගින් දිගටම කටයුතු කරමින් තිබෙනවා. යුද්ධයෙන් රට මුදවා ගත්තා සේ මේ දේශපාලන මඩ ගොහොරුවෙන් ගොඩ ඒමටත් සියලු උත්සාහයන් දැරිය යුතුයි. මහ ජනතාවට බරක් වී ඇති රටට නොගැලපෙන දෙමුහුන් මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමත්, රට මුහුණ දී සිටින ආර්ථික ආගාධයෙන් ගොඩගෙන රට සංවර්ධනය කිරිමත් සඳහා ශක්තිමත් අවංක දේශපාලන නායකත්වයක් අවශ්‍යයි.

ඒ සදහා කතාවෙන් නොව ක‍්‍රියාවෙන් තම හැකියාව ප‍්‍රදර්ශනය කර ජනාතවගේ ප‍්‍රසාදය දිනාගත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට නායකත්වයට සුදුසු බව අවධාරණයෙන් ප‍්‍රකාශ කරනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More