දේශීය පුවත්

ඉදිරි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ උතුරේ ත්‍රස්ත කල්ලියක් තමන්ට අනතුරක් සිදුකිරීමේ අරමුණින් සැලසුම් කරන බව ස්වකීය බුද්ධි නිලධාරීන් තමන් දැනුම්වත් කර ඇති බැවින් ඒ ගැන විමර්ශනයක් කර සුදුසු පියවරක් ගන්නා ලෙස පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේ.

තමන් වෙත ලැබී තිබෙන තොරතුරු අනුව තමන්ටත් ඩග්ලස් දේවානන්ද මහතාට සහ කරුණා අම්මාන්ටද මෙම තර්ජනය එල්ල වී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරයාට කළ පැමිණිල්ලේ සඳහන් කළ බව මේ ගැන දේශය කළ විමසුමකට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා කීය. ස්නයිපර් ගිනි අවියක් සහ මැලේසියාවෙන් ගෙන්වන ලද විශේෂිත වර්ගයක තුවක්කු මෙම ප්‍රහාරය සඳහා යොදවා ගැනීමේ උත්සාහයක් ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
රාජපක්ෂ මහතාගේ පැමිණිල්ලෙන් පසුව පොලිස් ත්‍රස්ත විමර්ශන අධ්‍යක්ෂවරයාට මේ ගැන පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපතිවරයා නියම කර ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.

Deshaya



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More