ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, වමේ පක්ෂ, සිවිල් සංවිධාන සහ පුද්ගලයින් රැසකගේ එකතුවෙන් ගොඩනැගී ඇති විකල්ප දේශපාලනයේ ජනතා කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා අනුර කුමාර දිසානායක මහතා යෝජනා විය.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන විකල්ප අපේක්ෂකයා මෙලෙස එළිදැක්වීමට නියමිතව ඇත්තේ අද දින ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සභාගිත්වයෙන් ගෝල්ෆේස් පිටියේදී පැවැත්වෙන ජාතික ජන බලවේගයේ මංගල මහා රැලියේදී ය.
මෙම “ජාතික ජන බලවේගය” ගොඩනැගී තිබෙන්නේ විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය, වමේ කේන්ද්‍රය, ජනතා විමුක්ති පෙරමුණ, යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ, එක්සත් වාමාංශික පෙරමුණ, විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විකල්ප කණ්ඩායම, සමසමාජ විකල්ප කණ්ඩායම, සුළු ජන මහ සභාව, ජන නියමු කලාකාරැවෝ, ජාතික විද්වත් සංවිධානය, සලාමා සංවිධානය, එතෙර අපි සංවිධානය, අලුත් පියාපත්, 71 සහෝදරත්ව සංසදය, අලුත් පරපුර, ප්‍රගතිශීලි සම සංක්‍රාන්ති සාමූහිකය, Center for Dialogue, ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, දුම්රිය සේවක සංගමය, සමාජ සාධාරණය උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරු, ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ, ජනවබෝධ කේන්ද්‍රය, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය, ජාතික භික්ෂු පෙරමුණ, ඩාබිඳු සාමූහිකය, ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය, ශ්‍රී ලංකා විද්‍යාර්ථීන්ගේ හා වෘත්තිකයන්ගේ සංවිධානය SLAPA, සවිස්ත්‍රි ජාතික ව්‍යාපාරය, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විවිධ වෘත්තිකයන්, කලාකරුවන්, විවිධ සමාජ ක්‍රියාකාරීන් රැසකගේ ඒකරාශී වීමෙනි.
ජාතික ජන බලවේගය
Gepostet von NIO Srilanka am Sonntag, 18. August 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...