දේශීය පුවත්

යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ සන්ධානය ගොඩනැංවීම සහ එහි මහලේකම් ධූරය, ජනාධිපති අපේක්ෂක ධූරය කවුරුන්ද යන්න පිළිබඳව සුවිශේෂී සාකච්ඡාවක් එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් අද සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ නිවසේ දී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි නොවන බව වාර්තා වේ.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින්ට මෙම සාකච්ඡාව සඳහා ආරාධනා කර තිබෙන්නේ දොස්තර රාජිත සේනාරත්න අමාත්‍යවරයා ය. ඒ අනුව ‍ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය වෙනුවෙන් මනෝ ගනේෂන්, පී දිගම්බරන්, වී රාධක්‍රිෂ්ණන්, සමස්ත ලංකා මුස්ලිම් ප්‍රගතිශීලී පෙරමුණ වෙනුවෙන් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, ජාතික හෙළ උරුමයේ අමාත්‍ය පාඨලී චම්පික රණවක, එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, සභාපති කබීර් හෂීම්, උප නායක රවී කරුණානායක යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම සුවිශේෂී සාකච්ඡාවට සහභාගි වීමට නියමිතයි. ‍

යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ මහලේකම් ධූරයට මීට පෙර යෝජනා කර තිබුණේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාය. නමුත් ඊට සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය දැඩි විරෝධය පළ කර තිබෙන බවද වාර්තා වේ. මෙම සාකච්ඡාවට සහභාගීවන එක්සත් ජාතික පක්ෂයේ ‍ප්‍රබලයකු මීට ස්වල්ප වේලාවකට පෙර කූඹියෝ නිව්ස් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මහලේකම් ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන ලෙසට ඉදිරිපත් කර ඇති සංශෝධන වලට මේ වන තුරු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි. එම නිසා මහලේකම් ධූරය පිළිබද අර්බුදය තවමත් පවතින අවස්ථාවකදී රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ නිවසේදීම සාකච්ඡා පැවැත්වෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More