දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කොට යළි ගොඩනැඟීමේ වගකීම තමන් භාර ගන්නා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකක කුමාරතුංග මහත්මිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දී ඇත.

ඉකුත් 15 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත පැමිණි ඇති කුමාරතුංග මහත්මිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනකු හමුවී මේ බැව් සඳහන් කර ඇති අතර පක්ෂය තවත් පක්ෂ වල අතකොළුවක් බවට පත්වීමට ඉඩ නොතැබිය යුතු බවද සඳහන් කර තිබේ.

ඉදිරි සතියේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමේ කටයුතු වලට ක්‍රියාකාරීව දායක වන බවත් ඒ සඳහා පක්ෂ මූලස්ථානයේ වෙනම කාමරයක් තමන් සඳහා වෙන් කරන ලෙසත් ඇය නිලධාරීන්ට දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය ලබාගත් මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් පක්ෂ මහලේකම්වරයාට චෝදනා එල්ල කර ඇති චන්ද්‍රිකා මහත්මිය ඒ සඳහා පියවර ගන්නා ලෙසද සඳහන් කර තිබේ. මෙම අවස්ථාවට ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු බණ්ඩාර අතුකෝරල මහතා ඇතුළු පක්ෂ සාමාජිකයන් කිහිප දෙනෙකුද සහභාගි වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More