සැප්තැම්බර් 6 වැනි දිනට ප්‍රථම එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කරන බවත් එසේ නොවුනහොත් තමන් ඇතුළු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දේශපාලන කටයුතුවලින් ඉවත් වී නිහඬ ප්‍රතිපත්තියහක් අනුගමනය කරන බවත් රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.
එක්සත් ජාතික පක්ෂය දිනවිය හැකි වෙනත් කිසිඳු අපේක්ෂකයෙකු නොමැති බවත් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමෙන්තු කණ්ඩායම ඔහුව එජාප ජනපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට එකඟ වියයුතු බවත් සඳහන් කරන හෙතෙම සජිත් ප්‍රේමදාස මහතාට ජනපති අපේක්ෂකත්වය ලබා දිය යුතුබවට පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් 52 ක් අත්සන් කළ ලේඛනයක් ලබාදුන් බවත් පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතාට ජනපති අපේක්ෂකත්වය ලබා නොදෙන්නේ නම් මැතිවරණ කටයුතුවලින්ද ඉවත් වී නිහඬව සිටීමට බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...