දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයටත්, මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයටත් පත්වන ආණ්ඩුව තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරය පිරිනැමීම සුදුසු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඊයේ(16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ පිළිබඳව අදහස් පල කළේය.

මේ අතර පළාත් සභාවද ජනාධිපතිවරණය ද මේ මොහොතේ පැවැත් විය යුත්තේ යනුවෙන් මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.

එයට පිළිතුරු දෙමින් නානායක්කාර මහතා කියා සිටියේ, මේ මොහොතේ ජනාධිපතිවරණයට මුළු රටම පෙළ ගැසී ඇති බවත්, එනිසා ජනාධිපතිවරණය පැවැත් වීම මේ මොහොතේ සුදුසුයි යනුවෙනි.

කෙසේ වෙතත් ඒ සමඟ පළාත් සභා ඡන්දයත් පැවැත් විය හැකි නම්, එහි වරදක් නොමැති බවත් පැවසු නානායක්කාර මහතා, එය සංකූල තත්ත්වයක් ඇති කරයි යනුවෙන් ද පැවසීය.

අධිකරණයට ගොස් තීන්දුවක් බලාපොරොත්තු වීමෙන් ජනාධිපතිවරණයක් කල් දැමෙන්නේ නැති බවද පැවසු නානායක්කාර මහතා, ජනාධිපතිවරණයෙන් පසුව හෝ එයත් සමඟ පළාත් සභා මැතිවරණය පවත්වනු බව සඳහන් කළේය.

එසේත් නැතිනම් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත් වෙයි යනුවෙන් ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

ජනාධිපතිවරණය කිසිදු හේතුවක් මත කල් දැමෙන්නේ නැති බවද පැවසු ඒ මහතා, එවැනි තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසමට හෝ බලයක් නොමැති බව පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More