දේශීය පුවත්

සහරාන් සමඟ අවි පුහුණුව ලැබු වයස අවුරුදු 16ක් වන බාලවයස්කරුවෙකු අද අම්පාරේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මොහොමඩ් නවුෆර් අබ්දුල්ලා නැමැති මෙම සැකකරු කුරුණෑගල එකුණුගොල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි.

සැකකරු, ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සහරාන්ට පසුව සිටින දෙවැන්නා ලෙස සැළකෙන නවුෆර් මවුලවි නැමැත්තාගේ පුතා බවට හඳුනාගෙන තිබේ.

මූලික පොලිස් පරීක්ෂනවලදී අනාවරණ වී ඇත්තේ, සැකකරු නුවරඑළියේ දී සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ පුද්ගලයෙක් බවයි.

තමන් නුවරඑළියට රැගෙන ගියේ තම පියා විසින් බවත් එහිදී ගිනි බෝම්බ සකස් කිරීම සම්බන්ධයෙන් පුහුණුවක් ලබාදුන් බවත් සැකකරු පාපොච්චාරණය කරනු ලැබුවේය.

සහරාන් සමඟ අවි පුහුණුව ලැබු මොහොමඩ් නවුෆර් අබ්දුල්ලා මේ බව පැවසීය.

“චාරිකාවක් කියලා තමයි තාත්තා නුවරඑලියට එක්කරගෙන ගියේ. එහිදී ගෙදරකට ගියා. එහේ මවුලවිතුමන්ලා හතර පස් දෙනෙක් විතර හිටියා. රෑ වෙන්න රෑ වෙන්න 28 – 30ක් විතර එතෙන්ට ආවා.

රෑ කාලා යාඥා කරලා හැමෝම නිදාගත්තා. ඊළඟ දවසේ උදෙන්ම දේශනා ආරම්භ වුනා. සෙනසුරාදා ඉරිදා දවස් දෙකේම දේශනා තමයි තිබ්බේ.

එහිදී ජිහාඩ් සංවිධානයේ අවශ්‍යතා ගැන කරුණු ගොඩක් කිව්වා. එහිදී ලොකු ගිනි අවියක් සහ පොඩි ගිනි අවියක් පෙන්නුවා. බෝම්බ හදන හැටි කියලා දුන්නා.

ඊට පස්සේ දිවුරුම් දීලා හැමෝටම නමක් තිබ්බා. මට අබු හසම් කියලා නම තිබ්බේ. සහරාන් මවුලවිතුමා ඉස්සරහ තමයි අපි දිවුරුම් දුන්නේ. එහෙම දිවුරුම් දුන්නට පස්සේ තමයි අපිට ආයුධ පුහුණුව ලබාදුන්නේ.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More