දේශීය පුවත්

රිෂාඩ් බදූර්දීන් සහ රවුෆ් හකීම් ඇතුළු මුස්ලිම් අමාත්‍යවරුන් ඉලක්ක කරගනිමින් එල්ල කරන ප්‍රහාර වහාම නවතා දමන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම ප්‍රචාරණ ඒකක වෙත නියෝග කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ප්‍රචාරණ අංශයේ ඉහළ කළමනාකාරීත්වය සමඟ පැවති හමුවකදී මහින්ද රාජපක්ෂ මහතා මෙම නියෝගය නිකුත් කර ඇති අතර සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිකයින් කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු බව ද අවධාරණය කර තිබේ.

සිංහල ඡන්ද පදනම මේ වනවිටත් පැහැදිලි ඉරකින් ප්‍රධාන පක්ෂ දෙක කෙරෙහි බෙදී ඇති නිසා තවදුරටත් ජාතිවාදය ඇවිස්සීමෙන් පොහොට්ටුවට දිනාගත හැකි දෙයක් නොමැති බව ඒ මහතා විසින් පෙන්වා දී තිබේ.

2014 වසරේදී කරගත් වැරැද්ද යළි සිදු නොවීමට වගබලා ගත යුතු බවයි ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව මුස්ලිම් දේශපාලනඥයින්ගේ සිත දිනාගැනීමේ වැඩපිළිවෙලක් දියත් කළ යුතු බව අවධාරණය කර ඇති ඒ මහතා සියල්ල පෙර පළමුවෙන්ම මුස්ලිම් දේශපාලනඥයින් ඉලක්ක කරගෙන පහරදීම් සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතු බව තරයේ නියෝග කර ඇත.

lankanewsweb



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More