දේශීය පුවත්

ඉන්දීය දේශපාලනඥයන්ගේ උපදෙස් මත දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වෙනුවෙන් සහයෝගය ලබාදීමට තීන්දු කරන බව වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් පවසයි.

දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් ප්‍රතිකාර ලබාගැනීමට ඉන්දියාවට යන බව පැවසුවද ඔහු එහි ගොස් ඉන්දීය දේශපාලනඥයන්ගේ උපදෙස් ලබාගෙන ඇතැයි ආනන්දන් කියයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ දේශපාලනඥයන්ගේ තීරණය සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මන්ත්‍රීවරයා එලෙස පැවසීය.

දෙමළ ජාතික සන්ධාන නායකයන් එදා මෙදා තුර කාලයේ ඉන්දියාවේ උපදෙස් අනුව ක්‍රියා කළ බවත්, තම පක්ෂයද දෙමළ ජාතික සන්ධානය තුළ සිටි අවධියේ අදාළ කාරණා සම්බන්ධයෙන් ඉන්දියාවෙන් අවබෝධය ලබාගත් බවත් හෙතෙම පැවසුවේය.

සුළු ජාතීන්ගේ සිත් දිනාගන්නා නායකයා මෙවර ජනාධිපති වන බවත්, ගෝඨාභය රාජපක්ෂ හා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වෙනුවෙන් දකුණේ සිංහල ඡන්ද සම සමව හිමිවනු ඇති බවටත් තමන් විශ්වාස කරන බව ආනන්දන් කියයි.
සුළු ජාතීන්ගේ ඡන්දයේ වටිනාකම සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකවරුන් සිතා බලා කටයුතු කිරීම හමුවේ එම අපේක්ෂකවරුන්ගේ ජයග්‍රහණය තහවුරු වන බවද ආනන්දගේ අදහස වී තිබේ.

දෙමළ ජාතික සන්ධානය සමග සන්ධානගතව සිටි ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වීමෙන් අනතුරුව ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මේ වන විට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More