දේශීය පුවත්

තුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු සදහා වර්තමාන රජය විශාල මුදලක් වැයකල බව කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුනතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවැසීය.

වව්නියාව මහ රෝහලේ වාට්ටු සංකීර්ණය විවෘත්ත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම උත්සවය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහභාගිවිය.

අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසීය,

“පසුගිය වසර 04ක කාලය තුල උතුරු පළාත සදහා අග්‍රාමාත්‍යතුමාගේ යටතේ ඇති අමාත්‍යාංශය මගින් වෙන්කල මුදලින් විශාල සංවර්ධන වැඩසටහන් ප්‍රමාණයක් සිදුකළා. මහජන සුභසාධනය පිළිබදව විශේෂ අවධානයක් යොමුකරමින් සෞඛ්‍ය, අධ්‍යාපන, නිවාස ඉදිකිරීම්, ඇතුළු යටිතල පහසුකම් රාශීයක් ලබා දීමට වර්තමාන රජය කටයුතු කළා. යුද්ධයෙන් අවතැන්වුවන් වෙනුවෙන්, අඩු ආදායම්ලාබීන් වෙනුවෙන් ප්‍රතිලාබ රැසක් ලබා දීමට කටයුතු කළා.

දරුවන්ගේ පාසල් අධ්‍යාපනය සාර්ථක කර ගැනීම සඳහා දැනට ඉදිකර ඇති නව ගොඩනැගිලි ඉතා කඩිනමින් දරුවන්සතු කිරීමට කටයුතු කරනවා.

උතුරු පළාත් ජනතාවගේ සෞඛ්‍ය නංවාලීම සදහා වර්ථමාන සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා කිහිප අවස්ථාවකදීම මෙහි පැමිණ තිබෙනවා.

මෙතෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන්ගෙන් උතුරු පළාතට වැඩිම වාර ගනනක් පැමිණි සෞඛ්‍ය අමාත්‍යවරයා රාජිත සේනාරත්න මැතිතුමයි. ඒ පිළිබදව අපගේ ස්තූතිය එතුමාට හිමි වෙනවා.

උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ඉතා කැපවීමෙන් කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත්, සෞඛ්‍ය ඇමතිතුමාට උතුරු පළාත් ජනතාවගේ ප්‍රසාදය හිමිවෙනවා.

– මාධ්‍ය ඒකකය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More