දේශීය පුවත්

ආණ්ඩුවේම ඇතැම් පිරිස් ජාතික ආරක්ෂාව දුර්වල බව කියමින් සිදු කරන අවිනීති ප්‍රකාශ නිසා ජාතික ආරක්ෂාව සම්බන්ධව ජනතාව තුළ සැකයක් උපදින බවත් ජාතික ආරක්ෂාව ඉතා ශක්තිමත් ලෙස විධිමත්ව පවත්වා ගෙන යන අවස්ථාවක එවැනි ප්‍රකාශ නිසා එය රටේ ඉදිරි ගමනට අයහපත් ලෙසින් බලපාන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මහනුවර ජනපති මැදුරේදී අද (15) පැවැති මහනුවර ඇසළ පෙරහර සමාප්ති උත්සවයේදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

සරත් ෆොන්සේකා මහතා හමුදාපතිවරයා වශයෙන් සිටියදී එක තැන එක දිනයක් තුළ හමුදා සෙබළුන් දහස් දහස් ගණනින් මිය ගිය බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

කිසිම වගකීමක් නැති මෙවන් ප‍්‍රකාශ නිසා ජනතාව තුළ බියක් ඇති වණ බවද කී ජනාධිපතිවරයා දේශපාලන න්‍යාය පත්‍ර අනුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කරන අවිනීත විවේචන රටට ඉතාමත් අහිතකර බවද කියා සිටියේය.

පසුගිය අප්‍රෙල් මස 21 දින එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉතා කෙටි කාලයක් ඇතුළත රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ බවත් අයහපත් මෙන්ම පහත් දේශපාලන සංස්කෘතියක් රටේ ක්‍රියාත්මක වන බවත් සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අවස්ථාවක ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් දේශපාලනඥයින් කළ වගකීම් විරහිත ප්‍රකාශ හා ඊට සම්බන්ධ පිරිස් පෞද්ගලික හා දේශපාලන වාසි සඳහා කරනු ලබන අවිනීති විවේචන රටට අහිතකර ලෙස බලපාන බවත් මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීමට පැමිණි ජනතාව තරමක් අඩු වීමට එය හේතුවූ බව ද ජනපතිවරයා පැවසුවේය.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ද ත්‍රස්තවාදීන්ගෙන් 50% ක් තවම නිදැල්ලේ සිටින බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More