දේශීය පුවත්

මෙරට ශාසන ඉතිහාසයට නව පරිච්ඡ්දයක් එක් කරමින් ශ්‍රී ලංකා අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය ඒකාබද්ධ කිරීමේ ගිවිසුමට අද අත්සන් තැබේ.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර නා හිමියන්
සඳහන් කළේ, ඒ සඳහා වන සම්මුතියකට අද පස්වරු 2.30 ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ‍්‍රවණාගාරයේදී අතසන් තබන බවයි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමි සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් එම සම්මුතියට අත්සන් තැබීම සිදු කෙරෙන බව ද උන්වහන්සේ ප්‍රකාශ ක‍ළහ.

එම සම්මුතිය අත්සන් තැබීමෙන් පසු මෙම නිකායන් ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග‍්‍රී මහා සංඝ සභාව ලෙස හඳුන්වන බව පල්ලෙකන්දේ රතනසාර නා හිමියෝ ප්‍රකාශ කළහ.

1803 වසරේ බුරුමයේ අමරපුර දේශයෙන් උපසම්පදාව ලබා ගත් , පූජ්‍ය අඹගස්පිටියේ ඥානවිමලතිස්ස හිමියන්ගේ මූලිකත්වයේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය පිහිටවු අතර 1863 බුරුමයේ රාමඤ්ඤ දේශයෙන් උපසම්පදාව ලබා ගත් අඹගහවත්තේ ඉන්දාසභවර ඥානසාමි හිමියන්ගේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ආරම්භ කෙරිණ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More