දේශීය පුවත්

උසස් අධ්‍යාපන හා මාර්ග සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලබාදුන් නියෝගයක් අනුව මාර්ග සංවර්ධන අධිකාරියට උපදේශකයන් ලෙස 50 දෙනකු බඳවා ගත් බව එම අධිකාරියේ අධ්‍යක්ෂ (නීතිඥ ජීවානන්ද වෛiදාස මහතා ඊයේ (15 දා) ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේදී පිළිගත්තේය.

2015 ජනවාරි 15 වැනිදා සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී සිදුවී ඇති වංචා දූෂණ පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඊයේ දිනයේදී එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු උපාලි අබේරත්න මහතා ප‍්‍රධාන පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ රැුස්විය. එහිදී රජයේ අධිනීතිඥවරයාගේ සාක්ෂි විමසීම මත ජීවානන්ද මහතා තවදුරටත් ප‍්‍රකාශ කර සිටියේ එම උපදේශකයන් බඳවා ගැනීමේදී චක‍්‍රලේඛයක් අනුව කටයුතු නොකළ බවත් එම කාර්යය පටිපාටිය අදාළ වන්නේ ස්ථිර හා කොන්ත‍්‍රාත් පදනම මත බඳවා ගැනීම් කරනවා නම් පමණක් බවත්ය.

එමෙන්ම එම උපදේශකයන් බඳවා ගැනීම සඳහා 2015 ඔක්තෝබර් 08 වන දින සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති බවත්, එසේ වුවත් එම සේවකයන් බඳවා ගැනීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඔක්තෝබර් 02 වන දින ලිපියක් නිකුත් කර ඇති බවටත් කොමිසම හමුවේ තොරතුරු අනාවරණය විය.

ව්‍යාපෘති උපදේශනයට 45 දෙනකු අනුයුක්ත කළේ මාර්ග සංවර්ධන අධිකාරියේ කුමන ස්ථානයට දැයි රජයේ අධිනීතිඥවරයා ජීවානන්ද මහතාගෙන් විමසා සිටි අතර ඒ මහතා පැවසුවේ ඔවුන් අනුයුක්ත කළේ කුමන ස්ථානයට ද යන්න තමන් නොදන්නා බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More