පුරවැසි කොලම

මැතිවරණ රැසක් පැවැත්වීමට නියමිතව ඇතත් මුලින් පවත්වන්නේ කවර මැතිවරණය දැයි සිතා ගත නොහැකි තත්ත්වයකට මෙරට දේශපාලන තලය පත්ව තිබේ. ඒ ජනාධිපතිවරණය සඳහා බොහෝ පක්ෂ සූදානම් වෙමින් තිබියදී වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය ලබන මැයි මාසය තෙක් දික් වන බවට පැතිර යන විවිධ කටකතා නිසාය.

ඒ අතරේ සියල්ලට පෙර පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ සූදානමක් ද පවතී. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාර ගැනීමද එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදීමද

පසුගිදා උත්සවාකාරයෙන් කොළඹදී සිදුකරන ලදී. අනතුරුව එම පිරිස රට පුරා ප‍්‍රධාන බෞද්ධ සිද්ධස්ථාන වෙත යමින් මහා සංඝරත්නයේ ආශීර්වාදය ලබා ගැනීම සිදුවිය. මේ වන විට ඔහුට රටපුරා පිළිගැනීම් උත්සව මාලාවක් සංවිධානය කර තිබේ. කෙසේ වෙතත් ආණ්ඩුවේ ඇතැම් පාර්ශව විසින් යළිත් වරක් ඔහුගේ පුරවැසි භාවය ගැන ප‍්‍රශ්නය මතු කරමින් සිටිති.

මුලින් පළාත් සභා ද ජනාධිපතිවරණය ද ?

සීමානිර්ණය වාර්තාව ඉදිරිපත් වී නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් තිබේ ද යන්න පිළිබඳ අර්ථ නිරූපණයක් ඉල්ලා ජනාධිපතිවරයා යොමු කර ඇති අයැදුම්පත පිළිබඳ විභාගය ලබන 23 වැනිදා පෙරවරු 10.00 ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිතය.

ඒ පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මේ මස 30 වැනිදාට පෙර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතය.

ජනාධිපතිවරයාගේ මෙම අයැදුම්පතට අදාළ නීතිමය ලිඛිත දේශන තිබේ නම් ඒවා ලබන 21 වැනි දා ට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයා විසින් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත යොමු කර ඇති ලිපියකින් සඳහන් කර තිබෙන්නේ සීමා නිර්ණය පිළිබඳ වාර්තාව ඉදිරිපත් වී නොමැති අවස්ථාවක පැරණි ක‍්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති නීතිමය ඉඩකඩ පිළිබඳව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 129 (1* වගන්ති යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමක් සිදුකර ඇති බවයි.

ඒ අනුව මෙම කරුණට අදාළව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන්ට ද ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙන බව එම ලිපියෙන් පෙන්වාදී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයා එම ලිඛිත දේශන මේ මස 21 වැනිදා දහවල් 12.00ට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇත. ජනාධිපතිවරයා විසින් යොමු කර ඇති මෙම මත විමසීමට අදාළ විභාගය මේ මස 23 දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිත අතර එහි තීරණය මේ මස 30 වැනිදාට පෙර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත යැයි ද එම ලිපියේ සඳහන් වේ.

ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති හෙයින් නීතිමය ගැටලූව විසඳුනහොත් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්ම පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසා තිබේ.

ජනාධිපතිවරණයට බාධා නොවන අයුරින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි බව ද හෙතෙම සඳහන් කර තිබේ.

ජනධිපති ධුර කාලය කල් යයිද?

එසේ වුවහොත් මුලින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයට වාසි දායකය. ප‍්‍රධාන පළාත් සභා කීපයක ප‍්‍රධාන ඇමැති ධුර, තවත් ඇමැති ධුර එවිට පහසුවෙන් ලබා ගැනීමට හැකියව ලැබෙන්නේ ඉදිරි මැතිවරණ සඳහා දෙපාර්ශවය අතර ඇති වීමට නියමිත එකඟතාව නිසාය.

යම් ලෙසකින් ජනාධිපතිවරණය 2020 මැයි මාසය තෙක් කල් ගියහොත් මහ මැතිවරණය ද ඊට පෙර පැවැත්වීම අනිවාර්ය වේ. එවිට මේ වර්තමාන තත්ත්වයන් සියල්ල වෙනස් වනු ඇත. මහ මැතිවරණය ජය ගතහොත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බව මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා දැනටමත් කියා තිබේ. එම නිසා ඔහු මහ මැතිවරණය ජයගතහොත් අනිවාර්යයෙන්ම 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරනු ඇත. එවිට ඔහුට යළිත් වරක් ජනාධිපති ධුරය සඳහා තරග කළ හැකිවනු ඇත. එම නිසා මේ සියල්ල මොහොතින් මොහොත වෙනස් වන ස්වභාවයක් මේ වනවිට මෙරට දේශපාලන ලෝකයේ ඇති වී තිබේ.

මෛත‍්‍රිපාල – සජිත් සාකච්ඡුාවක්?

කෙසේ වෙතත් වර්තමාන දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස අතර දීර්ඝ සාකච්ඡුාවක් පසුගියදා පවත්වන ලද බව දේශපාලන ලෝකයේ දැඩි කතාබහට ලක්ව තිබේ. මේ අතර එම දෙදෙනාටම සමීප මෙන්ම මෙරට නීති ක්ෂේත‍්‍රයට සමබන්ධ ඇමැතිවරියක් පසුගියදා තම හිතවතුන් පිරිසක් සමග පවසා ඇත්තේ දැන්මම නොපැවැත්වෙන ජනාධිපතිවරණයක් ගැන විශාල කලබගෑනියක් ඇති වී තිබෙන බවය. මේ අතර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මත විමසීමක් කර ඇති බවක් ද පැවසේ. කෙසේ වෙතත් මේ බොහෝ කරුණු වර්තමාන දේශපාලන අස්ථාවරත්වය මත පැතිර යන බවක් ද බොහෝවිට පෙනේ. මේ නිසා රටේ අනාගතය සමබන්ධයෙන් ඉදිරි දෙසතිය අතිශය තීරණාත්මකය.

ලබන වසර සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකර මුල් මාස කිහිපයේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

පසුගියදා ඒ සඳහා මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පැවැති කැබිනට් රැුස්වීමේදී ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මේ වසර අගදී ජනාධිපතිවරණයත් ලබන වසර මුලදී තවත් මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබීමත් සැලකිල්ලට ගනිමින් මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව අදාළ පරිපූරක ඇස්තමේන්තුව ලබන නොවැම්බර් මස මැදදී පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

පිල්මාරු ?

මේ අතරේ මැතිවරණය ආසන්න වෙත්ම විවිධ පිල්මාරු සිදුවන බව සඳහන්ය. දැනට ශ‍්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මහින්ද සමරසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ පානදුර සංවිධායක ධුරයට පත් කිරීමට නියමිතය. එසේම මොහාන් ලාල් ගේ‍්‍රරෝ මහතා ට කොළඹ දිස්ත‍්‍රික්කයේ සංවිධායක ධුරයක් ලබා දීමට නියමිතය. පියසේන ගමගේ මහතාට හිනිදුම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධාන කටයුතු පවරා තිබේ. දුමින්ද දිසානායක හට අනුරාධපුර සංවිධායක ධුරයක් යෝජනා වී තිබේ. මේ අතර ඇතැමුන් නව සන්ධානයේ සාමාජිකත්වය ගන්නා බව සඳහන්ය. මේ අතර ආණ්ඩුවේ ඇමැතිවරු කීපදෙනෙක් ද ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක්වීමට නියමිතය.

මේ අතරේ ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු රටට පාඩු ගෙනෙන හා ඉතාම ¥ෂිත ව්‍යාපෘති මේ කලබල අස්සේ ගෙන ඒමට කටයුතු කරමින් සිටිති. අපේ රටට නොගැලපෙන ව්‍යාපෘතියකට අවසර නොලැබෙන්නේ නම් ආණ්ඩුව හැරදා යන බවට ඇතැම් ඇමැතිවරු තර්ජනය කර තිබේ. අපගේ අදහස මෙවැනි ඇමැතිවරුන්ගේ ක‍්‍රියාවන් රටට හෙළි කිරීම ආණ්ඩුවේ ප‍්‍රධානීන් විසින් සිදු කළ යුතු බවය. මොවුන් බලා සිටින්නේ මේ ව්‍යාපෘති ද අනුමත කරගෙන මීළඟ ආණ්ඩුවෙන් ද ඇමැති ධුර ලබා ගැනීමට බව සියලූ දෙනා තේරුම් ගත යුතුව තිබේ.

ආණ්ඩුවේ සන්ධානය තවම නැහැ

එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ නමින් නව සන්ධානය පිහිටුවීම තවදුරටත් ප‍්‍රමාදවීමේ තත්ත්වයක් උද්ගතව පවතී.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමට අදාළ කටයුතු අවසන් කිරීමේ අරමුණින් එක්සත් ජාතික පෙරමුණු පක්ෂ නායකයින් අරලියගහ මන්දිරයේදී හමුවුවද සන්ධානය පිහිටුවීමේ එකඟත්වයක් ඇතිකර ගැනීමට නොහැකි ව ඇතත් මේ මාසය අවසන් වීමට එම සියලූ කටයුතු අවසන් කර සන්ධානය පිහිටුවීමට නියමිතය.

එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් සන්ධානය පිහිටුවීමේ කටයුතු දිගින් දිගටම ප‍්‍රමාදවීමෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම තවත් කල් යෑම එම පක්ෂයට යම් තරමකට අවාසිදායකය. එම නිසා යම් ලෙසකින් ජනාධිපතිවරණය කල් යන්නේ නම් පක්ෂයේ අර්බුදය විසඳා ගැනීමට ද එජාපයට කල් ලැබේ.

මේ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමට පෙර ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් නොකළ යුතු බවට එක්සත් ජාතික පෙරමුණු නායකයින් අතර පවතින මතය ද මෙවර රැුස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡුාවට ලක්කර ඇත. මේ අතරේ ගෝඨාභය රාජපක්ෂ හට මුහුණදීමට සුදුසුම පුද්ගලයා ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ තුළ සාකච්ඡුා වී තිබේ. ජාතික ආරක්ෂාව, යුද්ධය හා සිංහල බෞද්ධ මතවාදය සම්බන්ධයෙන් එම දෙදෙනාටම සමාන අයිතිවාසිකම් පැවතීම ඊට හේතුවයි. එහෙත් සියලූ ජාතීන් එක් කර ගත හැකි පුද්ගලයන් ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ හා සෞඛ්‍ය රාජිත සේනාරත්න යන දෙදෙනාගේ නම් ද සාකච්ඡුා වී තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමට අදාළ තවත් සාකච්ඡුා වටයක් ලබන සෙනසුරාදා (17 දා* පස්වරුවේ කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ. එම හමුවේදී සන්ධානය පිහිටුවීමට අදාළව අවසන් තීරණයකට එළැඹීමට නියමිතය.

මේ අතර සජිත්ගේ ආධාර කරුවන් විසින් ‘සජිත් එනවා’ තේමාවෙන් රටපුරා සංවිධානය කිරීමට සැලසුම් කර තිබෙන රැුස්වීම් මාලාවේ ඊළඟ රැුළි දෙක මාතර සහ මාතලේ දිස්ත‍්‍රික්ක ඉලක්ක කරමින් පැවැත්වීමට නියමිතය.

දෙමළ සන්ධානයේ තීරණය

ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන පාර්ශ්වයකට සහාය ලබාදෙන්නේ ද යන්න සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි එම සන්ධානය පවසා තිබේ. තම සන්ධානය ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බැවින් තම ගැටලූවලට ස්ථිර විසඳුම් ලබාදිය හැකි සහ ඒ අපේක්ෂකයන්ගේ ප‍්‍රතිපත්ති මත පදනම්ව තීරණයක් ගන්නා බව ඔවුන් පවසා තිබේ.

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්වීමෙන් පසු හා ඒ ඒ අපේක්ෂකයන් ස්ථීර ලෙස ප‍්‍රකාශයට පත්වීමෙන් පසු දෙමළ ජාතික සන්ධානයට අයත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රැුස්වී මේ පිළිබඳ ස්ථීර තීරණයක් ගන්නා බව සඳහන් වුවත් ඔවුන් බොහෝදුරට එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගත වීමට නියමිතය.

කතෝලික රදගුරු ප‍්‍රකාශය

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් යුක්තිසහගත, සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නොමැති බවත්, දැන්වත් එවැනි පරීක්ෂණයක් පවත්වා වරදකරුවන් නීතිය හමුවට පැමිණවීම සිදුකරන්නැයි රජයෙන් හා දේශපාලන නායකයන්ගෙන් තරයේ ඉල්ලා සිටින බවත් කතෝලික රදගුරු සම්මේලනය පවසා තිබේ.

මේ වනවිට කමිටු කිහිපයක් පත්කර උත්සාහ කරන්නේ ආරක්ෂක අංශයෙන් සිදුවූ බරපතළ හිඩැස් සඳහා වගකිවයුත්තන් කවුරුන්දැයි විමසා බැලීමට වුවත්, තමන්ගේ ඉල්ලීම වන්නේ පරීක්ෂණ අවසාන ඉලක්කය විය යුත්තේ වරදකරුවන්, අනුග‍්‍රහය දැක්වූවන් සහ එයට අනුබල දුන්නේ කවුරුන්ද යන්න හඳුනා ගැනීම බවත් අවාසනාවකට මෙන් එම කිසිදු ධනාත්මක සලකුණක් මෙතෙක් දක්නට නොමැති බව ද එම සම්මේලනය පවසා තිබේ.

ජනතාව මෙම පරීක්ෂණවල ප‍්‍රතිඵල දැක බලාගැනීමට බලාපොරොත්තුවෙන් සිටියත් ත‍්‍රිපුද්ගල ජනාධිපති කොමිසමේ වාර්තාව මෙතෙක් එළිදක්වා නැතැයි ද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ප‍්‍රමුඛ එම සම්මේලනය පවසා තිබේ.

මැතිවරණ වියදම් ගැන මතවාද

මැතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරීම මුදල් ප‍්‍රමාණය සම්බන්ධයෙන් වන නීති ඉදිරි මහ මැතිවරණයට පෙර පාර්ලිමේන්තුවේදි සම්මත විය යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා කියා සිටී.

මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කළ පමණින් මැතිවරණ වල නිදහස් හා සාධාරණ භාවය රැුකෙන්නේ නැති බවත් මෙම වියදම් සීමා කිරීම නීතියක් බවට පත් කළ යුතු බවද පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක් අපේක්ෂකයකු සිය කොට්ඨාසය ජයග‍්‍රහණය කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 400 ක මුදලක් වැය කර ඇති තොරතුරු දැන ගැනීමේ පනත මගින් ලබා ගත් තොරතුරු මත ඔහුට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බවත් මැතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල් ප‍්‍රමාණය සම්බන්ධයෙන් වන නීති රටේ සම්මත නොවුනොත් මැතිවරණවල සුජාත භාවය බරපතළ ලෙස අභියෝගයට ලක්වනු ඇති බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත. කෙසේ වෙතත් මෙය ප‍්‍රායෝගිකව සිදු කළ හැකිද යන්න ගැටලූවකි.

ඉන්ධන මිල වැඩිවේ.

ලෝක ඉන්ධන මිල අඩුවෙද්දී අපේ රටේ ඉන්ධන මිල යළිත් වැඩි වී තිබේ.

ඉන්ධන මිල සඳහා වන මිල සූත‍්‍රය අනුව මෙම මිල ඉහළ නංවා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. එම මිල සූත‍්‍රය රහසිගත එකකි.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 04 කින් ද වැඩිකර තිබේ. සුපිරි ඞීසල් ලීටරයක මිල රු. 03 කින් වැඩිකර තිබේ. කෙසේ වෙතත් ආණ්ඩුවේම ඇතැම් ඇමැතිවරු මෙම මිල වැඩි වීමට විරෝධය දක්වමින් පවසා ඇත්තේ මේ මිල වැඩි කිරීම නිසා ආණ්ඩුව ජනතාව අතර අප‍්‍රසාදයට පත්වන බවයි.

ජවිපෙ අපේක්ෂකයා

ජනතා විමුක්ති පෙරමුණ තවත් වාමාංශික පක්ෂ, විද්වත් සංවිධාන, සිවිල් සංවිධානය ඇතුළු පක්ෂ හා සංවිධාන 28 ක් එකතු කරගෙන මෙවර ජනාධිපතිවරණය සඳහා ජාතික ජනබලවේගය ගොඩනඟා තිබේ.

2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා ඒ යටතේ ඉදිරිපත් කෙරෙන අතර ජාතික ජනබලවේගයේ සියලූ සංවිධාන නියෝජිතයන්ගේ එකඟතාවයෙන් දැනටමත් අපේක්ෂකයා තෝරා අවසන් බව සඳහන්ය. එම අපේක්ෂකයා ලබන 18 වැනිදාට

ගාලූමුවදොර පිටියේ පැවැත්වෙන ජන රැුලියේදී ජනතාව වෙත ඉදිරිපත් කෙරේ. මේ අතර රාජපක්ෂ කඳවුරෙන් ඉදිරිපත් කළ දුර්වලම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත්, ඔහු තමන්ට අභියෝගයක් නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසා තිබේ.

Divaina –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More