දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගත්තේයැයි කියන සිද්ධිය ගැන ලැබුණු පැමිණිලි දෙකක් විමර්ශනය කරන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට යොමු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

එම පැමිණිලි දෙක විමර්ශනය කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති අතර පසුව එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමු කර ඇතැයි පොලිසිය කියයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශීය පුරවැසියකු ලෙස සිටිමින් අලුත් ජාතික හැඳුනුම්පතක් ලබාගෙන එමගින් අලුත් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේයැයි කියන සිද්ධියක් විමර්ශනය කරන ලෙස එම පැමිණිලිවලින් ඉල්ලා ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

පැමිණිල්ලක් ලද විට විමර්ශනය කිරීම සාමාන්‍ය ක්‍රමවේදය බවත්, ඒ අනුව මෙම පැමිණිලි විමර්ශනය සඳහා යොමු කර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් ජාතික පුවත්පතකට පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More