දේශීය පුවත්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීමේ උත්සහයක නිරතව සිටින බව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා චෝදනා කරයි.

අද (15) කොළඹ පැවති ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

එහිදී සිය අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

නඩු කිහිපයකට අදාළව බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඔවුන් රජයේ සාක්ෂිකරුවන් බවට පත් කර ගෝඨාභය රාජපක්ෂ මහතා සිර ගත කිරීමට කටයුතු සිදු කරමින් සිටින බව ඒ මහතා අනාවරණය කළේය.

එක්නැලිගොඩ නඩුවට පමණක් රණවිරුවන් 12ක් විවිධ කාලවලදී අත්අඩංගුවට ගෙන රක්ෂත බන්ධනාගාරගත කළ බවත් ඒ මහතා කියා සිටියේය.

තමන්ට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අවශ්‍ය ගෝඨාභය බව ශානි අබේසේකර මහතා විසින් එහි සිව් වන සැකකරු වන කෝප්‍රල් රූපසේනගේ බිරිඳට ප්‍රකාශ කර ඇති බව ද මහතා ප්‍රකාශ කළේය.

ඒ සඳහා තම ස්වාමි පුරුෂයා ලවා “ගෝඨාභය තමන්ට අණ දුන් බව” මහේස්ත්‍රාත් ඉදිරියේ ප්‍රකාශ කරන ලෙස ද ශානි අබේසේකර මහතා විසින් කෝප්‍රල් රූපසේනගේ බිරිඳට ප්‍රකාශ කර ඇත.

මේ වන විට ශානි අබේසේකර හා නිශාන්ත සිල්වා යන මහත්වරුන් ඕස්ට්‍රේලියාවට යාමට ලේඛන සියල්ල සකස් කර අවසන් බවත් ආණ්ඩුව මාරු වුවහොත් තමන්ට විරුද්ධව සාක්ෂි ඇති බවට ඇති බිය ඊට හේතුව බවත් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා චෝදනා කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More