විදේශ පුවත්

ජම්මු හා කාශ්මීරයට ලබා දී තිබූ විශේෂ බලතල ඉවත් කිරීමෙන් එම සමාජයට සාධාරණත්වය සහ සංවර්ධනය ලැබෙන බව ඉන්දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (15) පැවැසීය.

73 වැනි ඉන්දීය නිදහස් දින උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය මෝදි ඒ බව පැවැසීය.

විශේෂ බලතල ඉවත් කිරීමෙන්, සමාජයේ පසුපසට වී සිටින සහ නොසලකා හැර සිටින පිරිස් සංවර්ධනය වන බවත් ඔවුන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටු වන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතා එහිදි කීය.

ඉන්දීය නිදහස් දින උත්සවය දිල්ලියේ පිහිටි රතු බලකොටුව පරිශ්‍රයේදී පැවැත්වුණු අතර අග්‍රාමාත්‍යවරයා එහිදී ආණ්ඩුව මෙතෙක් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවය දෙවැනි ධුර කාලය සඳහා බලයට පත්ව මේ වනවිට දින 75ක් ගෙවී ගොස් තිබේ.

ඊට අමතරව ආරක්ෂක කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරයට නිලධරයකු පත් කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය නිදහස් දින කතාවේදී කීවේය. කාගිල් යුද්ධයෙන් පසුව දශක දෙකක් මුළුල්ලේ එම තනතුර පුරප්පාඩුව පැවැතුණි.

දි හින්දු ඇසුරිනි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More