දේශීය පුවත්

ඓතිහාසික යාපනය නල්ලූර් කෝවිලේ ආරම්භ වී ඇති වාර්ෂික දේව මෙහෙයේ ආරක්ෂක තත්වය පිළිබඳ සොයා බැලීමට යුදහමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

අගෝස්තු මස 05 වනදා ආරම්භ වූ නල්ලූර් වාර්ෂික මංගල්ලයේ දේව මෙහෙයන් අවසන් වන්නේ සැප්පතම්බර් 01 වනදාය.

එම දේව මෙහෙයන් වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිද හමුදාවම යෙදවීමට ආරක්ෂක අංශ විසින් ගෙන ඇති පියවරට විරෝධය පාමින් දෙමළ ජාතික සන්ධානයේ ඇතම් මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ නල්ලූර් කෝවිලේ ආරක්ෂාවට යොදවා ඇති යුද හමුදාව ඉන් ඉවත් කළ යුතු බවටය.

ඒ පිළිබඳව නල්ලූර් කෝවිලේ ආරක්ෂක තත්වය සොයා බැලීමට පැමිණී යුද හමුදාපති ලුතිනන් ජනරල් මහේෂ් සේනානායක මහතාගේ විමසීමේදී යුද හමුදාපති වරයා පවසා සිටියේ,

‘ආරක්ෂාව සැපයීම අපේ කාර්යක් ඒක ඒ අයගේ කාර්යක් නෙමෙයි නමුත් අපි මේ වැඩේ කරන්නේ හැමෝගෙම ආරක්ෂාවට අපි අපේ වැඩේ කරන්න දන්නවා දෙවියන් වහන්සේගේ ආශිර්වාදයත් අපිට තියනවා සමහරවිට ඒ වගේ කතාවල් කියන අයට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නැතුව ඇති ඉදිරියටත් ලැබෙන එකකුත් නැතිවෙයි.

‘පාස්කු ඉරිදා සිදු වූ දේ දිහා බැලුවහම තාමත් එවැනි අවස්ථාවක් නැහැ කියන්න බැහැ තවමත් තනි වූ වෘකයෙක්ට මොකක් හරි කරන්න පුලුවන් එහෙම නැත්තම් යම්කිසි පිස්සෙක්ට මොකක්හරි කරන්න පුලුවන් ඒ අයගෙනුත් ඔබලාව ආරක්ෂා කරන්න තමයි අපි මේ කටයුතු කරන්නේ මෙමගින් අපි බලාපොරොත්තු වෙන්නේ කරදරයක් කිරීමට නෙමෙයි ජනතාවගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කරන්න.

මෙම නිරීක්ෂණ චාරිකාව වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාද ඇතුලු පිරිසක්ද සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධූෂංඛ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More