දේශීය පුවත්

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ නොකිරීමට සහතික වීම ඇතුළු කොන්දේසි කිහිපයක් ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහයෝගය ලබාදීම සඳහා ඉදිරිපත් කරන බවත් එම කොන්දේසි වලට එකඟ වෙන ජනාධිපති අපේක්ෂකයෙකුට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහයෝගෙ හිමිවන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්. හරීස් මහතා ප්‍රකාශ කරයි.

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට අමතරව කල්මුනේ, තෝපූර්, වාලච්චේන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල තිබෙන අර්බුද වලට ද විසදුම් ලබාදීමට තමා සහාය දෙන ජනාධිපති අපේක්ෂකයා සහතික විය යුතු බවට ද ඒ මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මීට අමතරව මුස්ලිම් ප්‍රජාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් තවත් ගැටළු ගණනාවක් පවතින බවත් එම ගැටලුවලට ද විසඳුම් ලබාදීමට අදාළ යෝජනා එම පක්ෂයේ සහාය ලබාදෙන ජනාධි අපේක්ෂක ඉදිරිපත් කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි. මෙම කොන්දේසි මාලාව සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය පක්ෂ නායක අමාත්‍ය වුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සතියේ දී රැස්වීමට නියමිත බවද එච් එම් එම් හරීස් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More