දේශීය පුවත්

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනත් සමග තම ජීවිතයටද තර්ජනයක් එල්ල වී ඇති බවත් එම නිසා තමාට පොලිස් ආරක්‍ෂාව ලබාදෙන ලෙසත් ඉල්ලමින් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ චන්දන කඳන්ගමුව මහතා ඊයේ (14දා) කුරුණෑගල මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.

ෂාෆි වෛiවරයා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී රෝහලේ නි. අධ්‍යක්‍ෂවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි බී. එස්. තිසේරා මහතාගේ පවුලේ තොරතුරු දැනගෙන ඒ සම්බන්ධයෙන් හෙළිකර ඇතැයි පවසමින් තිසේරා මහතාද පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ සම්බන්ධයෙන් වාර්තා පළවීමත් සමග තමාගේ නිවස අසල සැකකටයුතු පුද්ගලයන් කිහිප දෙනකු ගැවසී ඇති බවත්, සැකකටයුතු යතුරුපැදි තමා පිටුපස පැමිණෙන බවත් පවසමින් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා පොලිසියට පැමිණිලි කර ඇත.

මෙවැනි සිදුවීම් නිසා තම ජීවිතයට තර්ජනයක් එල්ල වී තිබෙන බවත් එම නිසා බාධාවකින් තොරව තම රාජකාරි කරගෙන යාමට හැකි ආකාරයෙන් පොලිස් ආරක්‍ෂාවක් ලබාදෙන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටි බවද කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා කීය.

වෛද්‍යවරයා සමඟ නීතිඥවරුන් වන ඉන්ද්‍රසිරි සේනාරත්න, සමන් දිසානායක, නිලූක්‍ෂි උයන්වත්ත යන මහත්ම මහත්මීන්ද පැමිණිලි කිරීම සඳහා පොලිස් ස්ථානය වෙත ගොස් ඇත.

දිවයින –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More