දේශීය පුවත්

එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීම තවත් කල් යනු ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ඊට හේතු වී ඇත්තේ එම පක්‍ෂයේ මූලිකත්වයෙන් පිහිටුවීමට යෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ නමැති නව සන්ධානය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ පක්‍ෂ නායකයන් අතර අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම බව ද එම ප‍්‍රකාශකයා පැවැසීය.

නව සන්ධානය පිහිටුවීම සම්බන්ධව එක්සත් ජාතික පෙරමුණ පක්‍ෂ නායකයන් අතර හමුවක් පෙරේදා (13 වැනිදා) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතාද සහභාගි වී ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ නමැති නව සන්ධානය පිහිටුවීමට පෙර ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් නොකළ යුතුය යන යෝජනාව සම්බන්ධව මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡුා කර තිබේ.

නව සන්ධානය පිහිටුවීම සම්බන්ධ තවත් සාකච්ඡුා වටයක් ලබන සෙනසුරාදා (17 දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට තීරණය කර ඇති අතර එහිදී නව සන්ධානය පිහිටුවීමට අදාළ අවසන් තීරණයකට පැමිණීමට බලාපොරොත්තු වන බවත් එජාප ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර පෙරේදා (13 දා) අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග පැවැති එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායක රැස්වීමෙන් අනතුරුව දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක, ඇමැති මනෝ ගනේෂන් මහතා ප‍්‍රකාශ කළේ ලබන සෙනසුරාදා නව සන්ධානය පිහිටුවීම පිළිබඳව අවසන් තීන්දුව ගැනීමෙන් අනතුරුව එම සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා ද එදිනම නම් කරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More