ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්වී කටයුතු කිරීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරගැනීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා උත්සාහ දරමින් සිටින බවට කැළණිය එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී මනෝජ් පෙරේරා මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ(14) මාධ්‍ය හමුවක් පවත්වමිනි.
ඔහු පැවසුවෙි පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතගෙන් සරත් ෆොන්සේකා මහතාට දුරකථන ඇතුමක් පැමිනි බවයි.
හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී මනෝජ් පෙරේරා මහතා බවසන පරිදි ගෝඨාභය රාජපක්ෂ මහතා අදාල ඇතුමෙන් ෆොන්සේකා මහතාට පවසා ඇත්තේ පරණ තරහ අමතක කර ඉදිරි ගමනක් තමන් සමඟ එක්වන ලෙසය.
එම අවස්ථාවේ දී තමන්ට එය එක හෙලා ප්‍රතික්ෂේප කිරීමට කීමට තිබුනද සරත් ෆොන්සේකා එසේ නොකල බවටද හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී මනෝජ් පෙරේරා මහතා චෝදනා කළේය.
පසුගියදා මාධ්‍යහමුවකදී ෆොන්සේකා මහතාද කියා සිටියේ විපක්ෂයේ පාර්ශව වලින් තමාට ආරාධනා ලැබෙන නමුත් රෑ වැටුන වලේ දවල් වැටීමට සූදානම් නොමැති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...