මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය භාරගැනීම නිසා ඔහුට තවදුරටත් විපක්ෂ නායක ධුරය දැරීමට නීතිමය හැකියාවක් ඇත්දැයි කථානායකවරයා පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසයි.
අද(14) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, පසුගිය ඉරිදා දිනයේ දී පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගත් බවත්, මහින්ද මහතා පාර්ලිමේන්තු පැමිණියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.
එවැනි වෙනත් පක්ෂයක සමාජිකත්වය ගැනීමෙන් එතුමාට තවදුරටත් පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායක ධූරය දැරීමට සාධාචාරත්මක පසුබිමක් ඇති ද යන්න පිළිබඳව කථානායකවරයා පාර්ලිමේන්තුවේ දී පැවසිය යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...