දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද(14) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව ඒ මහතා මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන්ද බැහැදුටු අතර උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගත්තේය.

පස්වරුවේ ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය වෙත පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැ දැක සුහඳ පිළිසඳරක නිරත  විය.

මෙහිදී අදහස් දැක්වු ගැටඹේ රාජෝපවනාරාමාධිපති මෙසේ ද පැවසීය.

“පෙරේදා ඔබතුමා හොඳ කතාවක් කළා.ඒ කතාව ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්න ඕන.ඔබතුමා යමක් කිව්වොත් හරියට කරනවා කියලා කවුරුත් දන්නවා.ඒ නිසා ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්නෙ මේ විනාශ වේගෙන යන රට ගොඩගැනීම සඳහා අපිට උදවු කරන්න.

තමන්ගේ වටිනා ඡන්දය රට විනාශ කරන්න දෙන්න බැහැනෙ.ඒ නිසා ඡන්දය පාවිච්චි කරන්න කියලා සිංහල මිනිස්සුන්ට බොහොම ඕන කමින් ප්‍රකාශ කරනවා.මොකද මේ විනාශ වේගෙන යන රට ගොඩගන්න අපිට ශක්තිමත් පුද්ගලයෙක් ලැබිලා තියෙන නිසා.සරත් ෆොන්සේකා මහත්තයාට හොඳට තේරිලා තියෙනවා.ඔබතුමාගේ අගේ.

ඉතින් එහෙම කියන්න තරම් ශක්තියක් ඒ මහත්තයාට තියෙන්නෙ ඔබතුමා ගැන මනා අවබෝධයක් තියෙන නිසානෙ.මේක තමයි අන්තිම මොහොත.මේ මොහොත පැන්නොත් ඉවරයි රට,අපි සේරම.“

පසුව මැණික්හින්න හූරීකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානය වෙත පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් ද බැහැදුටුවේය.

මේක තමයි අන්තිම මොහොත… ගැටඹේ නාහිමියන්ගෙන් ගෝඨාභයට ඔවදනක්

මේක තමයි අන්තිම මොහොත… ගැටඹේ නාහිමියන්ගෙන් ගෝඨාභයට ඔවදනක්

Gepostet von Ada Derana Sinhala am Mittwoch, 14. August 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More