දේශීය පුවත්

ටපු ජනාධිපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා  සහ ගෝඨාභය රාජපක්ෂ මහතා  අද (14) පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ හා අස්ගිරි පාර්ශ්වයේ නායක හිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

අද පෙරවරුවේ ශී‍්‍ර දළදා වහන්සේ වැඳපුදා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා  සහ ගෝඨාභය රාජපක්ෂ මහතා  සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල නාහිමි බැහැදැක ආශිර්වාදය ලබා ගත් අතර එහිදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් උද්ගතව ඇති බවත් ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමේ හැකියාව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට  පමණක් බවත් මල්වතු පාර්ශ්වයේ මහානායකහිමියෝ පෙන්වා දුන්හ.

ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට  මහා සංඝරත්නය හදවතින්ම ආශිර්වාද කරන බවද උන්වහන්සේ එහිදී සඳහන් කළහ.

අනතුරුව විපක්ෂනායකතුමා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

පසුව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශී‍්‍ර ඤාණරතනනාහිමි, අස්ගිරි පාර්ශ්වයේ මහාලේඛකාධිකාරි පූජ්‍යමැදගම ශී‍්‍ර ධම්මානන්දනාහිමි, අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ  කාරකසභික, රංගිරිදඹුලූ රාජමහාවිහාරාධිපති ආචාර්ය, පූජ්‍යගොඩගම මංගල නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂනායකයින් සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු එක්ව සිටියහ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ  ජනාධිපතිපති ධූර අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව ති‍්‍රවිධරත්නයේ ආශිර්වාදය ලබා ගැනීමට මුල් තැනදෙමින් අනුරාධපුරයේ ආගමික වතාවත්වල නියැලීමෙන් අනතුරුව ඊයේ (13) මහනුවරට පැමිණියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More