ආගම හෝ විශ්වාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අහමඩ් ෂාහිඩි හෙට (15) සිට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ.
මෙරට ජනතාවගේ ආගම හෝ විශ්වාසය සම්බන්ධව පවතින නිදහස භුක්ති විඳීමේදී ඇතිවන බාධක හඳුනාගැනීම සහ ඒවාට අදාල නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම සංචාරයේ අරමුණ බව එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය සඳහන් කරයි.
මෙම සංචාරය අතරතුර රාජ්‍ය නිළධාරීන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් හා එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව ඇත.
එසේම 2005 වසරේ ආගම හෝ විශ්වාස සම්බන්ධව එක්සත් ජාතින්ගේ හිටපු විශේෂ නියෝජ්‍ය අස්මා ජහන්ගීත්ගේ මෙරට සංචාරයේදී ඉදිරිපත් කළ වාර්ථාවේ නිර්දේශ අනුව වර්ථමානයේ ලබාගෙන ඇති ප්‍රගතිය සම්බන්දව ද විමසා බැලිමට නියමිතය.
සංචාරය කිරීමෙන් අනතුරුව ලබන 26 වැනිදා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අදාල නිර්දේශ ඉදිරිපත් කිරිමටත් 2020 මාර්තු මස ජිනීවා හිදී පැවැත්වීමට නියමිත මානව අයිතිවාසිකම් කවුන්සිලයට එම වාර්ථාව ඉදිරිපත් කිරීමටත් නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...