දේශීය පුවත්

ලබන වසර සඳහා අයවැයක් ඉදිරිපත් කිරීම පසුවට කල් තබා එම වසරේ මුල් මාස 04 සඳහා රජය පවත්වාගෙන යාමට අවශ්‍ය වන වියදම් ඇතුළත් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ මෙම වසර අවසන් භාගයේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබීම හේතුවෙනි.

ඒ අනුව ජනාධිපතිවරණයෙන් පසු පත්වන නව අමාත්‍ය මණ්ඩලයේ සංයුතියට අනුකූලව සහ රජයේ නව ප‍්‍රතිපත්ති මුල්කර ගනිමින් 2020 අයවැය සකස් කිරීමට හැකි වනු ඇත. මෙම යෝජනාව මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

මේ අතර 2018 අංක 35 දරණ මුදල් පනත සංශෝධනය කිරීම සඳහා වූ මුදල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. ණයපත් හා හරපත් භාවිත කරමින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවෙන් පිටතට කරන ගෙවීම් මත සියයට 3.5ක විදේශ වාණිජ ගනුදෙනු මත අය බද්දක් පැනවීම ඇතුළු සංශෝධන කිහිපයක් ඊට ඇතුළත් ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More