දේශීය පුවත්

ජනතාවගේ ආර්ථික, ආදායම්, රැකී රක්ෂා හා නිවාස ගැටලු පිළිබදව යහපත් අවබෝධයක් ඇති තමන් ඉදිරි රජයක් යටතේ ඒ සඳහා ස්ථීරසාර විසදුම් දීමට පියවර ගන්නා බවත් වතුකරයේ ජනතාවගේ ගැටලු පිළිබඳව තමන්ට හොද අවබෝධයක් ඇතැයි ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14) මහනුවරදී ප්‍රකාශ කළේය.

මහනුවරට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ශ්‍රී දනත්ධාතූන් වහන්සේ වැද පුදා ලත් අතර  දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඔවුන් පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව එම පිරිස මල්වතු මහා විහාරයට පැමිණ එහිදී මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර  මහනුවර කටුකැලේ ශ්‍රී සෙල්වවිනයාගර් හින්දු කෝවිලේ ආගමික වතාවත් සඳහා අද (14) සහභාගී වීමෙන් පසුව රැස්ව සිටි පිරිස අමතා ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ අවස්ථාව දැක බලා ගැනීම සඳහා පාක්ෂිකයන් තුන්දහසකට අධික පිරිසක් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය වෙත රැස්ව සිටියහ.

අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමි, එම පාර්ශවයේ කාරක සංඝ හිමිපාණන් වහන්සේ වන ආචාර්ය ගොඩගම මංගල හිමි, ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන හිමි ඇතුළු මහා සංඝරත්නය එහිදී පිරිත් සජ්ඣයානා කර පිරිසට ආශිර්වාද කෙරිණි.

පසුව ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිස කටුකැලේ ශ්‍රී සෙල්ව විනයාගර් කෝවිලට පැමිණ එහිදී හින්දු ආගමික වතාවත්වල නිරත වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More