දේශීය පුවත්

ජනාධිපති අපේක්ෂකයන්ට එල්ලවන මඩ ප්‍රහාර වැළැක්වීමේ මුවාවෙන් මැකෝ සමාජ මාධ්‍ය අඩවි මර්ධනයට පිඹුරුපත් සකසමින් සිටින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

එම සංගමය විසන් යොමු කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව අවධාරණය කර ඇත.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයින් හට ෆේස්බුක්,ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය හරහා එල්ලවන මඩ ප්‍රහාර වැළැක්වීම සදහා නීතිමය හා අනෙකුත් ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සිදුකල ප්‍රකාශය ‘මඩ ප්‍රහාර’ මුවාවෙන් සමාජ මාධ්‍ය වාරණය සිදුකිරීමක් සදහා පිබුරුපත් සැකසීමක්දැයි සමාජ මාධ්‍ය වෙබ් අඩවි පරිශීලකයන් අතර හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වන අප වෙත සැක මතුව තිබෙ.

විශේෂයෙන්ම මැතිවරණ කොමසාරිස්වරයා විසින් ‘මඩ ප්‍රහාර’ යනුවෙන් සදහන් වන්නේ කුමක්ද යන්න සදහා නිශ්චිත නිර්වචනයක් ඉදිපත්කොට නැති අතර එමහෙයින් මෙය යොදාගනිමින් සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි පරිශීලකයන්ට නිදහස් භාෂණයට සමාජ මාධ්‍ය තුල ඇති නිදහස ඇහිරීමක් සිදුවනු ඇත.

සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල සැරිසරන අසත්‍ය තොරතුරු නියාමනයට ඒ ඒ සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලට අනුකුල ප්‍රමිතීන් පවතින අතර එම ප්‍රමිත වලින් ආවරණය නොවන දෑ තිබේනම් ඒ සදහා නීතිමය ක්‍රියාමාර්ග අගතියට පත් ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට ලබාගතහැකිය.

මේ නිසා සමාජ මාධ්‍ය වෙබ් අඩි තුල ජනාධිපති අපේක්ෂකයන් සම්බන්ධයෙන් හුවමාරුවන වන මඩ ප්‍රහාර වැළැක්වීමට මැතිවරණ කොමසාරිස් ක්‍රියාකිරීමට අවශ්‍ය නොවන බව බව අප සංගමය එතුමන්ට දැනුම්දීමට කැමැත්තෙමු.

ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමේදී පැනනැගිය හැකි තාක්ෂණික ගැටළු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට අදාළ ප්‍රයෝගික තාක්ෂණික දැනුම හා උපදේශන සේවා ලබාගැනීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අපේක්ෂා කරන්නේ නම් අප සංගමය ස්වාධින සංවිධානයක් ලෙස එම සේවාවන් මැතිවරණ කොමිසම වෙත ලබාදීමට සැදී පැහැදී සිටින බව එතුමන්ට වගකීමෙන් අවධාරණය කරන්නෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More