එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ එළිදක්වන දිනයේදීම එම නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
ඊයේ සවස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවති ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් ඉදිරිපත් වුණු ඇතැම් සංශෝධන වලට එකඟ වූ බවද වාර්තා වේ.
යෝජිත සන්ධානය සහ ජනාධිපති අපේක්ෂක එකම දිනයක ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා නැවත මේ මස විසි වෙනිදා තවත් සාකච්ඡාවක් පැවැත්වීමටද තීරණය වී ඇත.
අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ නිවසේදී ලබන 20 වනදා මීලග සාකච්ඡාව පැවැත්වීමට තීරණය වී ඇතිබව එම ආරංචිමාර්ග සදහන් කරයි .
ජනාධිපති අපේක්ෂක කවුරුන්ද යන්න මේ දක්වා තීරණයක් ගෙන නොමැති අතර ඉදිරියේ නව සන්ධානය පිහිටුවන දිනයේ දී ජනාධිපති අපේක්ෂක නම් කිරීමට එකගව තිබෙන අතර එහිදී අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ,නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, කථානායක කරු ජයසූරිය යන මහත්වරුන්ගෙන් කෙනෙකු බොහෝදුරට එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානය වන යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට නියමිතව තිබෙන බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි .
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...