දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ නයක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොබෙයියකු ගැන කතා කරන බවත් කොබෙයියෙක් සමග සටන් කිරීම සඳහා වටු කුරුල්ලන්ට හෝ වෙනත් පක්ෂියෙක් සුදුසු නැති බවත් ඒ සඳහා රාජාලියෙකු සටනට දැමිය යුතු යැයි එම රාජඅලියා පක්ෂය තුළම සිටින සජිත් ප්‍රේමදාස මහතා බව එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානයේ මාධ්‍ය හමුව දඹුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක දී එහි සභාපති දුමින්ද බණ්ඩාරනායක ජාතික ලේකම් මාර්ටින් වික්‍රමසිංහ සහ තවත් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා කියා සිටියේ මේ වන විට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයා නම් කොට තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ ලබන 18 වන දින සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරන බවත් එහෙත් තවමත් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරගැනීමට රනිල් වික්‍රමසිංහ නායකතුමා නොහැකි වී තිබෙන බවය. කඩිනමින් එය පත් කළ යුතු යැයි ප්‍රකාශ කළ හෙතෙම කියා සිටියේ අනිවාර්යයෙන්ම ජනාධිපති අපේක්ෂකයා ලෙස උතුර නැගෙනහිර සහ දකුණු ඉල්ලන එකම නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා බවය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් නොකළහොත් ඉදිරියේදී සජිත් පේමදාස මහතා ගන්න ඕනෑම තීන්දුවක් තීරණයක් සමග එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය ඒකරාශි වන බවද සභාපතිවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නෙකදි පිළිතුරු දුන්නේය.

මෙහිදී එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් මාර්ටින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ආදර ඒකාබද්ද විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක හැටියට යොදවා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ බවත් බවත් ඔහු සමඟ කරට කර සටන් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අපේක්ෂකයෙකුට නොහැකි බවත් එකම අපේක්ෂකයා වන්නේ තරග කිරීම සඳහා සජිත් ප්‍රේමදාස පමණක් බවය.

ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ අපේක්ෂකයන් ලෙස රටම ඉල්ලා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් එය මහින්ද රාජපක්ෂ මහතා අනුමත කරමින් ඔහු ජනාධිපති අපේක්ෂකයා බවට පත් කළ නිසා රටේ බහුතර ජනතාව එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන ලෙසය.

විරුද්ධ පක්ෂයෙන් හොඳම දුවන්න පුළුවන් අශ්වයා ගෝඨාභය රාජපක්ෂ නම් කර ඇති නිසා එක්සත් ජාතික පක්ෂයෙන් දිවීමට ඇති හොඳම ශක්තිමත්ම අශ්වයා සජිත් ප්‍රේමදාස මහතා බවත් තම පක්ෂයේ සිටින අනිත් අයට ගෝඨා සමග දිවිමට පාදවලට ශක්තියක් නොමැති බවද එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ ය.

මුළු රටේම එක්සත් ජාතික පාක්ෂිකයන් තීරණය කොට ඇත්තේ ජානාධිපති අපේක්ෂකයා ලෙස වෙනත් කවුරුන් හෝ වේවා රනිල් වික්‍රමසිංහ මහතා වේවා ඉදිරිපත් වුවහොත් ඡන්දපොළට නොයන බවද කීවේය.

එක්සත් ජාතික පාක්ෂිකයෝ සියලුදෙනාම රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ‍ප්‍රතික්ෂේප කොට තිබෙන බවත් නැවතත් රාජපක්ෂලාට මේ රට භාරදීමට රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කරන බවත් චෝදනා කළේය.

රවී කරුණානායක , පාඨලී චම්පික රණවක, දොස්තර රාජිත සේනාරත්න පිරිස පක්ෂය විනාශ කිරීමේ කුමන්ත්‍රණය කරන බවද කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂයට හොරා නාමයක් ගෙනාවෙ ද රවි කරුණානායක බව කියා සිටියේය.

රවී කරුණානායක මහතාට මොලේ අමාරුවක් තිබෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඇති පෞද්ගලික ආරවුලක් නිසා විවිධ ප්‍රශ්න ඉදිරිපත් කරන බවත්ද අකිල විරාජ් පාඨලී චම්පික රණවක දොස්තර රාජිත සේනාරත්න යන අයට අවශ්‍යතාවය පවතින්නේ සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය නොදී සිටීමට බවද හෙතෙම කියා සිටියේය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More