දේශීය පුවත්

කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ පැවැත්විණි.

කැබිනට් රැස්වීම ආරම්භ වී ඇත්තේ පෙරවරු 7.30 ට වන අතර කැබිනට් රැස්වීම ආරම්භ වන අවස්ථාවේ ඊට සහභාගි වී සිට ඇත්තේ ඇමතිවරු 5 දෙනෙකුට ආසන්න පිරිසක් බව වාර්තා විය.

දුර බැහැර සිටින අමාත්‍යවරුන්ට උදෑසනින් කැබිනට් රැස්වීමට සහභාගිවීමට ඇති අපහසුතා සලකා කැබිනට් මණ්ඩල රැස්වීම පෙරවරු 8.30 ට ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවද වාර්තාවේ.

කෙසේවෙතත් කැබිනට් රැස්වීම උදැසනින්ම පැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මීට පෙර අදහස් පළ කරමින් සඳහන් කළේ “දැන් මං අපේ ඇමති මණ්ඩලයටත් මේ දවස්වල උගන්වනවා උදේම නැඟිටින හැටි. ඉස්සර ඇමති මණ්ඩලය රැස් වුණේ උදේ 9.30ට. දැන් රැස් වෙන්නේ උදේ 7.30ට. කැබිනට් එක පටන් ගන්නකොට ඉන්නේ පස් දෙනයි හය දෙනයි. ඉතින් පේනවා දවල් වෙනකම් නිදා ගන්න අය කොච්චර ඉන්නවා ද කියලා.” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More