දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පත් කිරීමට නියමිත බවට වාර්තා වේ.

දේශපාලන පක්ෂ හතරක් හා විද්වතුන්, කලාකරුවන් ඇතුළු සංවිධාන 26කට වැඩි ප්‍රමාණයකින් සමන්විත ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා මේ මස 18 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබේ.

ගොඩනගා තිබෙන ජාතික ජනබලවේගය ජනාධිපති නියෝජනය කරන අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහත් පත් කිරීමට එහි සාමාජික කණ්ඩායම්වල වැඩිම කැමැත්ත වී ඇතැයිද කියවෙයි.

මේ අනුව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පත් කිරීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ජනාධිපති අපේක්ෂකයා තේරීම ජාතික ජනබලවේගය නියෝජනය කරන කණ්ඩායම් සමග සාකච්ඡා කර තීරණය කරන බවයි. අපේක්ෂකයා කවුරුන්ද යන්න දැනට කීමට නොහැකි වුවත්, මේ මස 18 වැනිදා ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජාතික ජනබලවේගය මංගල රැලියේදී එය ප්‍රකාශයට පත් කරන බවද ඔහු පවසා සිටියේය.

ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන අපේක්ෂකයාට කිසිදු උසාවියක නඩු නොමැති සේම වරදකරුවෙකුද වී නොමැති බවත්, ඔහු මූල්‍ය විනය, පරිපාලන විනය හා නායකත්ව පරිණතභාවය සහිත රට හදන්නට හැකි ප්‍රතිපත්තියක් සහිත පුද්ගලයෙකු බවත් හෙතෙම සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More