දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්කළේ පොහොට්ටුවේ නායකයන් රටේ මේ වන විට උද්ගතවී ඇති ප්‍රශ්නය හරියාකාරව තේරුම් ගත් නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ආරක්ෂාවේ ප්‍රශ්නය නිවැරදිව තේරුම් ගත් හෙයින් ගෝඨාභයට ඒ පැත්තෙන් ලොකු ඉල්ලුමක් ආ බව කී ඔහු “එයාලා හිතන විදියට ඒ පැත්තේ සිටින වඩාත්ම සුදුසු කෙනා ගෝඨාභය” යැයි ද සඳහන් කර සිටියා.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ‘‘ රටේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒක තේරුම් ගත්තු නිසා ගෝඨාභයට ඒ පැත්තෙන් ලොකු ඉල්ලුමක් ආවා. මේ ප්‍රශ්නය විසඳීමට හොඳම මිනිහා ගෝඨාභය කියලා ඒ අය හිතනවා ඇති. ගෝඨාභයගේ හැකියාවන් නොහැකියාවන් ගැන මම කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඒගොල්ලොන්ට ඉන්න හොඳම කෙනා හැටියට ගෝඨාභය ඉදිරිපත් කරලා තියෙනවා. එයාලා එහෙම කළේ රටේ ප්‍රශ්නය හරියට තේරුම් ගත්තු නිසයි. ආණ්ඩුව, එක්සත් ජාතික පක්ෂය ඔය තත්වය තේරුම් නොගෙන කටයුතු කළහොත් ජනතා ආශීර්වාදය ගැනීමට නොහැකි වේවි.

ජනතාව අද වෙනකොට ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ රටේ ආරක්ෂාවටයි. දුරදිග බලන කෙනෙකුට ඒක තේරෙන්න ඕන.

අද රට මේ තත්වයට පත්වෙලා තියෙන්නේ ඒවා. තේරුම් නොගෙන වැඩ වැඩ කිරීම නිසයි. දැන්වත් ඒක තේරුම් නොගත්තොත් ජනතාව ඊට නිසි ප්‍රතිචාර දක්වාවි.

එයාල හිතන විදිහට ඒ පැත්තේ ඉන්න වඩාත්ම සුදුසුම කෙනා එයා. නමුත් යුද්ධය ගැන කතා කරනකොට නම් අප දරණ ස්ථාවරය වෙනස්. කොහොම නමුත් එයාල රට ගැන හිතලා රටේ තත්වය තේරුම් අරගෙන ගත්තු තීරණයක්. ඒ නිසානේ එහෙම තීරණයක් ගත්තේ. ආණ්ඩුවටත් එහෙම හිතන්න දැන්වත් මොළේ පෑදෙන්නේ නැතිනම් ජනතාව ඔවුනට හරියි කියලා හිතෙන තීරණ ගනිවී..”

ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More