දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පිහිටුවන ඉදිරි ආණ්ඩුවක් සඳහා කවුරුන් සම්බන්ධ කරගන්නේද, නොගන්නේද යන්න පිළිබඳ තීරණය පක්ෂ නායකයන් සතු වුවද රිෂාඩ් බදියුදීන් වැනි පුද්ගලයන් සිටින ආණ්ඩුවක තම පාර්ශ්වය නොසිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එසේම අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ පාර්ශ්වයේ සහාය ලබාගන්නා අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයේදී සහාය ලබා නොදෙන බවද මන්ත්‍රීවරයා කීය.

“අපි දැක්කා අගමැතිතුමන්ට තෙලෙන් බැද්දත් කොබෙයියා කියන රබන් පදය මතක් වෙලා තිබුණා. ඕක ඉතින් මම දෙසතියකට පමණ පෙර කිව්ව රබන් පදය. ඒ නිසා අගමැතිතුමා කියූ රබන් පදයට අපිත් කැමති ඒ රබන් පදයෙන්ම උත්තර දෙන්න. ‘රනිල් ආවාත් කොබෙයියා. සජිත් ආවත් කොබෙයියා. කරු ආවත් කොබෙයියා. කවුරු ආවාත් කොබෙයියා. කොබෙයියා බොල කොබෙයියා’. එජාපයෙන් කවුරු ආවත් එකම ප්‍රතිඵලයමයි.”

මාධ්‍ය – ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමේදී රිෂාඩ් බදියුදීන් මන්‍ත්‍රීවරයා වැනි පුද්ගලයන් භාරගැනීමට ඔබතුමන්ලා සූදානම්ද?

මන්ත්‍රීවරයා- කාවද ගන්නේ කාවද නොගන්නේ කියන එක පක්ෂ නායකයන්ගේ වැඩක්. නමුත් අප ඉතා පැහැදිලිවම කියලා තියෙනවා රිෂාඩ් බදියුදීන්ලා සිටින ආණ්ඩුවක අපි ඉන්නෙත් නෑ කියලා. රිෂාඩ් බදියුදීන්ලාගේ සහාය ලබාගන්නා ජනාධිපති අපේක්ෂකයෙකුට අපි සහාය දෙන්නෙත් නෑ කියලා. අපේ ස්ථාවරය අදටත් ඒ ලෙසින්මයි

මාධ්‍ය – රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක වැනි අමාත්‍යවරුන් ගැන මොකද කියන්නේ ?

මන්ත්‍රීවරයා- ඒ අය ගන්නවද නැද්ද කියන එක නායකයන්ගේ වැඩක්. ඒ අය මොන පැත්තේ හිටියත් රටේ නීතිය ක්‍රියාත්මක කරලා ඔවුන්ට කළ වරදට දඬුවම් ලබාදෙනවා. ආණ්ඩුවේ සිටීම මුක්තියට කාරණයක් වන්නට ඉඩ තියන්නේ නැහැ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More