අනාගත නායකත්වය අපේක්ෂා කරන ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික අභිමතාර්ථයන් පසෙකලා මාතෘභූමිය රැක ගැනීමට ප‍්‍රමුඛතාවය දිය යුතුව ඇතැයි පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් පවසයි.
ඊයේ(12) රුවන්වැලි මහ සෑ මළුවේදී පැවැති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආශිර්වාද පැතීමේ අධිෂ්ඨාන පූජාවක් එක්වෙමින් පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් විසින් මෙසේ අනුශාසනා කළේය
අටමස්ථානාධිපති, උතුරු මැද දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම ආශිර්වාද පූජාව, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් මෙහෙයවූ අතර භික්ෂූන් වහන්සේ 1500ට අධික ප‍්‍රමාණයක් මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.
රුවන් වැලි සෑ චෛත්‍යාරාමාධිකාරී නුවර කළාවියේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම ආශිර්වාද පූජාවට එක්විය.
මෙම ආශිර්වාද පැතීමේ අධිෂ්ඨාන පූජාව සඳහා එ්කාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින්, පාර්ලිමේන්තු, මන්තී‍්‍රවරුන්, හිටපු පළාත් සභා මන්තී‍්‍රවරුන් හා පළාත් පාලන ආයතන නියෝජිතයින් ඇතුළු අති විශාල ජනකායක් එක්ව සිටියහ.





ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...