දේශීය පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ පුපුරැස්ස පොලිස් ස්ථානය විවෘත කිරීම අද (12) පෙරවරුවේ පැවැත් විය.

ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීකර ගැනීමට ආණ්ඩුකාර කීර්තිතෙන්නකෝන් මහතා කටයුතු යොදා තිබූ අතර උත්සවයට පැමිණි ශ්‍රිලනිප ජේෂ්ඨයෙක් වූ හිටපු අගමැති දිමු ජයරත්න නොසලකා හැර ඔහුට සභාව ආමන්ත්‍රණය කිරීමේ අවස්ථාවද අහිමි කිරීමට කටයුතු යොදා තිබූ බව වාර්තාවේ.

මෙම උත්සව අවස්ථාවට පැමිණි බොහෝ පිරිසක් ආණ්ඩුකාර කිීර්ති තෙන්නකෝන් මහතාට දෝෂාරෝපණය කළ බවත්, කළ ගුණ නොදන්නා පුද්ගලයෙකුට දළදාව බාර දීම පිළිබදව තම විරෝධය පළ කරන බවත් පවසා එම ස්ථානයෙන් පිටව ගිය බවද වාර්තාවේ.
හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මධ්‍යම පළාතෙන් එළවීමේ යටි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේද මොහු බවට සාක්ෂි ඉදිරිපත්වී ඇති බවත්, ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් ලෙස කලක් සේවය කර ඇති කීර්ති තෙන්නකෝන් මිතුරුදම අලුත්කර ගනිමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ න්‍යායපත්‍රයට අනුව වැඩ තෝරමින් සිටින බවද විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More