ගම්පොළ පුපුරැස්ස පොලිස් ස්ථානය විවෘත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ පැවැත් විය.
උත්සවයට එක්වූ හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාට සභාව ඇමතීමට අවස්ථාවක් ලබානොදීම නිසා හිටපු අගමැතිවරයා උත්සව සභාව මැදට පැමිණ සභාව ඇමතුවේය.
ගම්පොළ පුපුරැස්ස නව පොලීස් ස්ථානය අද විවෘත කිරීමට නියමිතව තිබුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.
නමුත් ජනාධිපතිවරයා ඊට සහභාගී නොවුණු අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්,හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න සහ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් උත්සවය පැවැත් විය.
එහිදී තමාට උත්සවයේ කතාවක් හිමි නොවූ බව පවසමින් දි.මු. ජයරත්න මහතා සභාව මැදට පැමිණ උත්සවය ඇමතිමන් පැවසුවේ තමන් අවුරුදු 72ක් දේශපාලනයේ සිටි බවත් මේ සියලු දෙනාම මහපොළොවේ අඩිය ගසා සිටිනේ තමන් නිසා බවත්. එම ස්ථානයේ සිටි පිරිස් ද දිමූ ජයන්ත මහතා වෙනුවෙන් ඔහුට සහයෝගය පළ කරමින් කතා කිරීම විශේෂත්වයකි.
රැස්වීමේ කතාවට ඉඩ නොලැබුණු හිටපු අගමැති දිමු ජනතාව අතරට ගිහින් කළ සැර කතාව මෙන්න
රැස්වීමේ කතාවට ඉඩ නොලැබුණු හිටපු අගමැති දිමු ජනතාව අතරට ගිහින් කළ සැර කතාව මෙන්න
Gepostet von Hiru News am Montag, 12. August 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...