වර්තමාන දේශපාලනය තුළ බලසම්පන්න ජනතාව තම බලය වේදිකාවේ ගහ මරා ගන්නා දේශපාලකයන්ට කුලියටදී ප්‍රේක්ෂකාගාරයටවී බලා සිටින තැනට පත්ව ඇති බව මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
පසුගිය (09) වැනිදා කැළණිය මානෙල් වත්ත, බෞද්ධ විශ්ව විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවති ‘‘ජාතික වියත් පවුර‘‘ සම්මන්ත්‍රණයකට එක් වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ රට අරාජික තත්වයට පත්කරමින් දේශපාලන ක්‍රීඩා පිටිය හසුරුවන පාලකයන් සදාකාලිකව විශ්‍රාම ගන්වා සාමාන්‍ය ජනතාව තම බලය පාවිච්චිකර රටේ පාලනය බාරගත යුතු බවය.
ගල්ලෙන බිද ලෙන්දොර ඇර සිංහබාහු ඇතුලට ගිය පසු සිංහ පැටව්නුත් ඇතුලේ පදිංචි වීමට සූදානම් විය යුතු බව ද උන්වහන්සේ පවසා සිටියහ. මෙම අවස්ථාවට මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, මාදුරුඔයේ ධම්මිස්සර හිමි, හිටපු මහබැංකු අධිපති අජිත්නිවාඩ් කබ්රාල්, මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක ඇතුළු ජාතික වියත් පවුරේ නියෝජිතයින් විහාල පිරිසක් සහභාගී වී සිටයහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...