දේශීය පුවත්

අද (12) දහවල් 11.20ට පමණ ආණමඩුව පොලිස් වසමේ ආණමඩුව පුත්තලම මාර්ගයේ තෝනිගල ගල් වංගුව අසල දී හෙරොයින් ළඟ තබා ගෙන සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගනු ලැබුවේය.

සැකකරු අද දින ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.

මෙසේ බන්ධනාගාර ගත කළේ කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරනු ලබන දීමන්ත විමුක්ති ඒකනායක නැමති මන්ත්‍රීවරයෙකි.

මෙම මන්ත්‍රීවරයා පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර මහතාගේ සොහොයුරියකුගේ පුත්‍රයෙකු බවද වාර්තා වෙයි.

අදාල මන්ත්‍රීවරයා මෙයට පෙර කරුවලගස්වැව ප්‍රදේශයේ නිධන් හැරීමේ සිද්ධියකට අනුබල දීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු බවද වාර්තා වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More