සජිත් ප්‍රේමදාස මහතා යනු හොර මැර නැති සැබෑ සිංහල බෞද්ධ නායකයෙකු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
අද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ විශේෂ උත්සවයට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළේය.
ඔහු අවුරුදු 30ක අත්දැකීම් බහුල නායකයෙක් බවත් මිනිසුන්ගේ ගඳ සුවඳ හඳුනන නායකයෙක් බව ද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
රජයෙන් යම් යම් වැරදි අඩු පාඩු සිදු වුවද මේ වන විට නියම නායකයා සජිත් ප්‍රේමදාස මහතා ලෙස හඳුනාගෙන ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එසේම තමන් ජීවිතය පරදුවට තබා හෝ සජිත් ප්‍රේමදාස මහතා ජනපති කිරීමට තමන් කැපවෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...