දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන යෝජනා පිළිගත නොහැකි යැයි හෝ තම පක්ෂයට බලයක් නැහැ, පදනමක් නැහැ යැයි කවුරුන් හෝ කීවොත් තම පක්ෂයට වෙනම තරග කිරීමේ හැකියාවක් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.

මහින්ද අමරවීර මහතා මෙසේ පැවසූවේ අද (12) අඟුණුකොළපෑළැස්ස ප්‍රදේශයේ දී පැවැති පාක්ෂික හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර මහතා මෙසේ ද පැවසීය.

අපි ජනාධිපතිවරණයකට සූදානම්. අපි ඉදිරිපත් කරන යෝජනා යම් ආකාරයකට පිළිගන්නට බැහැ, පැත්තකට වෙන්න කියලා කිව්වොත් අපි තරග කිරීමේ ඉඩකඩක් තිබෙනවා. නමුත් එහෙම අවශ්‍යතාවක් ඇතිවේවි යැයි මම සිතන්නේ නැහැ. කවුරුහරි කියනවා නම් අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලයක් නැහැ. පදනමක් නැහැ කියනවා නම් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ තීන්දුවකට නොයාවි යැයි සිතන්නට හොඳ නැහැ. දැනට අපේ එහෙම අදහසක් නැහැ. අපි සිතනවා සාධනීයව මෙම සාකච්ඡා අවසන් කරගත හැකි වේවි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තවමත් තීරණයක් අරගෙන නැහැ. වෙනම අපේක්ෂකයෙක් නම් කරන්න. නම් කළ අපේක්ෂකයෙක් ඉන්නවා. අපි ඒ කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාවේ ප්‍රතිළුල සාර්ථක කරගන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ප්‍රධාන වශයෙන් රට ගොඩනගන වැඩපිළිවෙළ පිළිබඳව අපේ තිබෙන යෝජනා පිළිගන්නා ජනාධිපති අපේක්ෂකයෙක් දිහායි අපේ වැඩි අවධානයක් තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව කියා ලොකු ගැටළුවක් ඇතිවේවි යැයි මම සිතන්නේ නැහැ. රටේ මේ තිබෙන අරාජික තත්ත්වයෙන් ගොඩගන්න පුළුවන් නායකයෙක් ගැන අපි අවධානය යොමු කරනවා. අපි මේ ගැනත් සාකච්ඡා කරනවා. ඉදිරියේ දී මේ සාකච්ඡා සුභවාදීව අවසන් කරලා එකඟතාවකට එන්නයි බලාපොරොත්තු වෙන්නේ යැයි ද කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More